ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා මැරවරයන්ට එරහිව සටන් වැදීමට තීරණය කල ඇති බවට gossip9 වෙත වාර්ථා වේ.ඒ ඔහුගේ නවතම චිත්‍රපටියෙදී පොලිස් නිලධාරියෙක්ගේ චරිතයට පණ පොවමින්.
තවම නමක් තබා නොමැති මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ තවමත් තිරගත නොවූ සුපර් සික්ස් හි අධ්‍යක්ෂකවරයා වන සතිස් කුමාර් මහතායි.
මෙය ඉන්දියානු සිනමා පටයක් වන "සිනග්හම්" හි ප්‍රතිනිර්මාණයක් වන අතර රූපගත කිරීම් ලබන අප්‍රේල් මසදී ආරම්භ වීමට නියමිතයි.
ද්‍රවිඩ සින්ග්හම් චිත්‍රපටියේ නිෂ්පාදක කණ්ඩායම මෙම නව නිර්මාණයේද කටයුතු කිරීමට නියමිත අතර,රන්ජන්ගේ සහකාරියගේ චරිතය රගපෑමට ජැක්ලින් ෆනැන්ඩියස් හා පුජා උමාශංකර් ඇතුළු නිළියන් පස් දෙනෙකුගේ නම් යෝජනා වී බවද සදහන් අතර ඔවුන්ගේ කාර්යබහුලත්වය අනුව සුදුසු නිළියක් තෝරා ගනු ඇති.
මේ නව චිත්‍රපටිය සදහා මෙතෙක් ශ්‍රී ලංකාවේ චිත්‍රපටියකට වැයකළ වැඩිම මුදල වියදම් කිරීමට නියමිතයි.
පසුගිය කාලයේදී රන්ජන් රාමනායක මහතාට නීතිමය ගැටළු කිහිපයකටද මුහුණ දීමට සිදුවූ අතර 2012 වසරේදී ඔහුට මෙම ගැටළු මගහැරී ඇති බවක්ද දක්නට ලැබෙනවා.ඔහුට එරහිව නඩු පවරා තිබු කාන්තාව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරන බවට අධිකරණයෙදී හෙළිවුණා.
දේශපාලන කටයුතු නිසා රන්ජන් රගපෑම් කටයුතු වලින් මදක් ඇත්වී සිටි අතර ඉදිරි කාලයේදී රගපෑම් කටයුතු වලට වැඩි අවස්තාවක් දීමට රන්ජන් රාමනායක මහතා තීරණය කොට තිබෙනවා.
මේ අතර රන්ජන්ගේ ජිවිතේ ලස්සනයි, පරපුර, සින්ග්හම්, ගජිනි(ප්‍රතිනිර්මාණය) ,චන්ඩියා, කොන්ඩදෙණියේ හාමුදුරුවෝ යන චිත්‍රපට ඉදිරියේදී පැමිණීමට නියමිතයි.
ක්ලීටස් මෙන්ඩිස්ගේ "පරපුර චිත්‍රපටයේ" දර්ශන තලයක සිටින රන්ජන්
Source: http://www.gossip9.com/2012/01/blog-post_6571.html#ixzz1joP5R2QC