Chitika Smowtion 468x60


Wednesday, January 18, 2012

ඉසෙඩ් වැරදි පෙන්වූ මහාචාර්ය තටිල්ට ජීවිත තර්ජන



මෙවර උසස් පෙළ ඉසෙඩ් අගය ගණනය කළ ආකාරය වැරදි බව පෙන්වාදුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සඛ්‍යාන විද්‍යාඥ, මහාචාර්ය ආර්.ඕ. තටිල් මහතාට ජීවිත තර්ජන එල්ලවී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම සම්මේලනයේ සම ලේකම් ආචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා ප්‍රකාශ කළේ තටිල් මහතා වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කිසි වි‍ටෙකත් පසුබට නොවන බවයි.


එහිදී අදහස් දැක්වූ ඒ මහතා, "අපි ඉතාම අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිනවා. මහාචාර්ය තටිල් මහතාගේ ජීවිතයට හෝ එතුමාගේ කීර්ති නාමයට යම් කිසි හානියක් සිදුකරනවා, නම් විශ්වවිද්‍යාල ආචාර්ය සමති සම්මේලනය එය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඇති වන තත්ත්වය පිළිබඳව දැඩි විපරමෙන් සිටීමටත් අවශ්‍ය අවස්ථාවල නිසි ක්‍රියාමාර්ග ගැනීමටත් විශ්වවිද්‍යාල ආචාර්ය සමති සම්මේලනය පසුබට වන්නේ නැහැ"
උසස් පෙළ ප්‍රතිඵල සඳහා ඉසෙඩ් අගය ගණනය කිරීම මෙරටට හදුන්වා දුන්නේ මහාචාර්ය තටිල් මහතාය.



Share this article with your friends