Chitika Smowtion 468x60


Wednesday, January 18, 2012

ජනාධිපතිවරයා, චන්ද්‍රිකාගෙන් 'ටියුෂන්' ගත යුතුයි - එස්.බී.


ආණ්ඩුබලය හැසිරවිය යුතු ආකාරය පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් ටියුෂන් ගැනීමට සිදුවනු ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීම සිදුවීම පිළිබඳව ඇමතිවරුන් කිපදෙනෙකු පාර්ලිමේන්තු භෝජනාගාරයේදී ඊයේ දහවල් කළ විමසීමේදී ඇමතිවරයා මේ බව පවසා ඇත.
ආණ්ඩුව තුළ ජනාධිපතිවරයාට තුනෙන් දෙකකට වැඩි බලයක් තිඛෙන නමුත්, ජනාධිපතිවරයා කටයුතු කරන්නේ අනියත බියකින් බවත්, 'ජනඅරගලකාරයින්' පොඩි සද්ධයක් දැම්මත් ජනාධිපතිවරයාට දැන් හීන් දාඩිය දාන බව ඇමතිවරයා උපහාසයෙන් යුතුව සඳහන් කර තිබේ.


හිටපු ජනාධිපතිනිය 1994 සිට 1999 දක්වා රට පාලනය කළේ පාර්ලිමේන්තුව තුළ එක වැඩි ඡන්දයක් තබාගෙන බවත්, එහෙත් ඇය කිසිදිනෙක මේ ආකාරයෙන් බියෙන් පනත් හකුලා නොගත් බව ඇමතිවරයා පැහැදිලි කර තිබේ.
පෞද්ගලික විශ්වවිද්‍යාල පනත කල් දැමීමට සිදුවීම තම ආත්ම ගෞරවයට ද කැලලක් බව ප්‍රකාශ කොට ඇති දිසානායක ඇමතිවරයා, ජනාධිපතිවරයා ඔහු වටා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් සමන්විත පිරිසක් ළඟතබා නොගැනීම ආණ්ඩුවේ අස්ථාවර භාවයට හේතු වී ඇතැයිද පවසා තිබේ.
චන්ද්‍රිකා තමාගෙන් වැඩ ගත් නමුත් මහින්දට එවැනි හැකියාවක් නැති බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.


Share this article with your friends