Chitika Smowtion 468x60


Wednesday, January 18, 2012

කැළණි ගැටුම් අතරේ කබ්රාල් සංවිධායක ධූරය ඉල්ලයි


කැළණිය ආසනයේ ශ‍්‍රී.ල.නි.ප සංවිධායක මර්වින් සිල්වා අමාත්‍යවරයා හා කැළණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලූ බහුතර මන්ත‍්‍රී පිරිසක් ප‍්‍රසිද්ධියේ එකිනෙකාට එරෙහිව බරපතල චෝදනා ඉදිරිපත් කරමින් සිටියදී, මධ්‍යස්ථ පිලිවෙතක් ප‍්‍රදර්ශනය කළ එම ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී දොස්තර කබ්රාල් මහතා ශ‍්‍රී ල.නි.ප මහලේකම් හමුවී තමාට කැළණිය ආසනයේ සංවිධාය ධූරය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
මර්වින් සිල්වා ඇමතිවරයා සහ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලූ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු පසුගිය වකවානුවේ කළ වංචා දූෂන ගණනාවක් පිළිබදව තොරතුරු හෙළිකර ඇති කබ්රාල් මන්ත‍්‍රීවරයා, ඒ පිළිබද සවිස්තර ලිපිගොනුවක් ඇමතිවරයා වෙත භාරදී තිබේ.

කෙසේ වුවද මේ වනවිට මර්වින් සිල්වා ඇමතිවරයා සමග එක්ව රුපියල් කෝටිගණනින් කප්පම් ගත් ජවාරම්කරුවන් කිහිප දෙනෙකුම රටින් පැනගොස් තිබේ.

ඇමතිවරයා සමග එක්ව මහාපරිමානයේ ජාවාරම්වල නිරතව සිටි, කැළණිය වෙළද සංගමයේ සභාපති ‘සිංගප්පූරු සරත්’ මහතාද ‘සිංගප්පූරුවට පළාගොස් ඇත. මීට අමතරව මර්වින් සිල්වා ඇමතිවරයාගේ සම්බන්ධීකරන ලේකම්වරුන් වන ‘කොට රංජා’ නොහොත් ‘පොලී රංජා’, ‘පානදුරේ ඩොනල්ඞ්’ නොහොත් ‘මාලිගාවත්තේ ඩොනල්ඞ්’, අමල් රොද්‍රිගූ යන මහත්වරුන්ද මේ වනවිට සිංගප්පූරුවට පලාගොස් තිබේ.

මර්වින් සිල්වා ඇමතිවරයා සමග ප‍්‍රසිද්ධියේ පෙනි සිටිමින් මහාපරිමානයේ කප්පම් ව්‍යාපාරවල නිරතව සිටි යූ.අයි.ඊ උපුල් නොහොත් ‘පොලී උපුල්’ මහතාද ‘සෙල්ටෙල් රවී’ මහතාද මේ වනවිට සැගවි සිටී. මේ වනවිට ‘සෙල්ටෙල් රවී’ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ රැකවරන යටතේ රැදී සිටී.



Share this article with your friends