Chitika Smowtion 468x60


Wednesday, January 18, 2012

ජනපති වෛද්‍යවරයාගේ හෝටලය අවට හෝටල් කඩාදැමේ


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික (රහස්) වෛද්‍යවරයා වූ දොස්තර අජිත් රණවක මහතා විසින් ගාල්ල උනවටුන ප‍්‍රදේශයේ ඉදිකරමින් තිබෙන සංචාරක හෝටලයට බාධාවන සියලූම හෝටල් සහ ඉදිකිරීම් කඩා ඉවත්කරන්නැයි වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා උනවටුන පොලීසියට ජනාධිපති කාර්යාලයෙන් නියෝගයක් ලැබී තිබේ. දොස්තර අජිත් රණවක මහතා මේ වනවිට උනවටුන වෙරළ තීරය අවට ඉඩම් කිහිපයක්ම මිලදී ගෙන ඇත. මේ වනවිට හෝටලයක් ඉදිකරමින් පවතින්නේ එසේ මිලදී ගත් ඉඩමකය. වෙරළ තීරයට බාධාවන ලෙස එම හෝටලයේ ඉදිරිපිට හා අවට තිබූ හෝටල් සහ ඉදිකිරීම් හබරාදූව පොලීසිය විසින් පසුගිය සතියේ කඩාබිඳ දැමූ අතර ඉතාලි ආහාර පාන අලෙවි කළ සුප‍්‍රසිද්ධ හෝටලයක් වූ ‘ටජිල්’ (Turgel) හෝටලයද එහිදී කඩාබිඳ දමා තිබේ.

ජනාධිපතිවරයාගේ ඥාතියෙකු වන දොස්තර අජිත් රණවක මහතා, මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායකවරයාව සිටියදී ඔහුට ජනප‍්‍රිය නිලියන් හඳුන්වාදෙමින් සමීප මිත‍්‍රත්ත්වයක් ගොඩනගා ගනු ලැබූ අයෙකි.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුවද දොස්තර අජිත් රණවක මහතා තමා වෙත පැවරුනු එකී රාජකාරිය අඛන්ඩව ඉටුකරනු ලැබූයේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස පත්වෙමිනි.

එසේ ඇතිකරගත් සමීප ගණුදෙනුව හරහා දොස්තර අජිත් රණවක මහතා ඔහුගේ සොයුරු නීතීඥ කිංස්ලි රණවක මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ලෙසත් ඉන් අනතුරුව මේ වනවිට ‘මගනැගුම’ සභාපති ලෙසත් පත්කර ගනු ලැබීය.

එසේම අජිත් රණවක මහතා ඔහුගේ භාර්යාවවන වෛද්‍ය කෝකිලා මහත්මිය බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ තනතුරක් සඳහාද පත්කරගැනීමට සමත්වී තිබේ.






Source: http://173.193.236.37/sinhala/index.php?option=com_content&view=article&id=1014:2012-01-15-19-53-47&catid=1:general&Itemid=53

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends