
ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම උත්සවයට සහභාගී නොවන බව දැනගැනීමත් සමග සභාපතිවරයා, බොහෝ වෙහෙසක් දරා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම උත්සවයට සහභාගීකරවාගෙන ඇත.
බන්දුල පද්මකුමාර මහතා සභාපති තනතුර ආරක්‍ෂා කරගැනීම සඳහා මේ වනවිට ආයතනයේ මුදල් කිසිදු වගවිභාගයකින් තොරව හිතුමතේ වියදම් කරමින් සිටින බවත්, පසුගිය දා ඔහුගේ ගෝලබාලයින් විසින් කෝවිලක පූජාවක් පවත්වා ආයතනයේ සේවකයින් වෙත එම කෝවිලෙන් රැගෙන ආ පළතුරු බෙදාදුන් බවත්, ඒ සඳහා වැයකොට ඇත්තේ ආයතනයේ මුදල් බවත්, ශ‍්‍රී ල.නි.ප වෘත්තීය සමිතිය චෝදනා කරයි.
කෙසේ වුවද ලේක්හවුස් සභාපතිවරයාගේ ක‍්‍රියාකලාපය පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමුකිරීම සඳහා තම සංවිධානය අද දහවල් සත්‍යග‍්‍රහයක් ආරම්භ කරන බවත්, එයට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණ හොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවත්, ලේක්හවුස් ශ‍්‍රී ල.නි.ප වෘත්තීය සමිති ප‍්‍රධානියෙකු අප වෙත වැඩිදුරටත් පැවසීය.
Source: http://173.193.236.37/sinhala/index.php?option=com_content&view=article&id=1024:2012-01-17-10-01-07&catid=1:general&Itemid=53