Wednesday, January 18, 2012
වවුනියාවේ හදිසි සොදිසි කිරීමක්
ජනඅරගල ව්‍යාපාරයේ මැදහත්වීම යටතේ, ‘‘පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම්වලට එරෙහි සංවිධාන එකතුව’’ විසින් අද (17) උතුරේ සංවිධානය කර ඇති පත‍්‍රිකා බෙදීමට සමගාමීව ආරක්ෂක අංශ විසින් වවුනියාව නගරයේදී දැඩි පරීක්ෂා කිරීම් සිදුකරන බව වාර්තාවේ. මේවන විට වවුනියාව නගරයෙන් යාපනය දෙසට පිටවන සියලූම වාහන ආරක්ෂක අංශ විසින් තාන්ඩිකුලම් ප‍්‍රදේශයේදී පරීක්ෂා කරමින් සිටී. මෙම පරීක්ෂා කිරීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ආරක්ෂක අංශවලින් විමසූ අවස්ථාවේදී එකිනෙකට පරස්පර ප‍්‍රකාශ සිදුකර තිබේ.
එක් පොලිස් නිලධාරියකු පවසා ඇත්තේ මරාගෙන මැරෙන ඇදුම් කට්ටල 3ක් යාපනයට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බැවින් මෙම පරීක්ෂා කිරීම් සිදුකරන බවයි. තවත් පොලිස් නිලධාරියකු පවසා ඇත්තේ ආයුධ සන්නද්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් තිදෙනෙකු පැනගොස් ඇති බැවින් ඔවුන් සෙවීම සඳහා මෙම පරීක්ෂා කිරීම් සිදුකරන බවයි.
මේ අතර මෙජර් මහින්ද නැමැති හමුදා නිලධාරියා පවසා ඇත්තේ ඕමන්තේ මුරපොළේදී මරාගෙන මැරෙන ඇදුම්කට්ටල කිහිපයක් හමුවී ඇති බවත් එමෙන්ම කොළඹ සිට යාපනයට ආයුධ ප‍්‍රවාහනය කරන බවට තොරතුරක් ලැබී ඇති බැවින් මෙම පරීක්ෂා කිරීම් සිදුකරන බවයි.
Source: http://173.193.236.37/sinhala/index.php?option=com_content&view=article&id=1023:2012-01-17-09-56-50&catid=1:general&Itemid=53
වවුනියාවේ හදිසි සොදිසි කිරීමක්
2012-01-18T22:32:00+05:30
Admiral