
ජී.එල්. පීරිස් අමාත්‍යවරයාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකුවන කාංචන රත්වත්තේ මහතා පාර්ලිමේන්තු මහලේකම් ලෙස පත්කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති බවට පසුගිය සති අන්තයේ පුවත්පත් කිහිපයක පළවී තිබූ වාර්තා පිළිබදව එම ඇමතිවරුන් කතානායකවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු එසේ ප‍්‍රකාශ කර තිබේ.
මහලේකම්වරයා ලෙස කිසිදු පළපුරුද්දක් නොමැති අයෙකු පත්කළ හොත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය එයට දැඩි ලෙස විරෝධය දක්වනු ඇතැයි සඳහන් කර ඇති කතානායකවරයා, තමා මෙම ධූරයේ සිටින තෙක් එවැන්නකට ඉඩ නොතබන බවද පවසා තිබේ.
ජනාධිපතිවරයා මේ දිනවල එක එකාගේ ‘ලනුකන’ බවද කාතානායකවරයා එහිදී පවසා ඇත.
තමා අගමැති ධූරයක් අපේක්‍ෂා නොකළ බව කියා ඇති චමල් රාජපක්‍ෂ මහතා තමාද ඒ පිළිබදව දැනගත්තේ මාධ්‍යවලින් බවත්, එහෙත් කාතානායක ධූරය වෙනුවට ජනතාවට වැඩක් කළ හැකි තනතුරක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව සත්‍යයක් බවත්, ඔහු පවසා ඇත.
Source: http://173.193.236.37/sinhala/index.php?option=com_content&view=article&id=1025:2012-01-17-10-02-35&catid=1:general&Itemid=53