
තම කීම නොඅසන්නේ නම්, තමා දරුවන් තිදෙනාද සමඟ රටින් පිටව යන බවට පවා ඇය ජනාධිපතිවරයාට තර්ජනය කර තිබේ. තම මෑණියන්ගේ අදහස ජනාධිපතිවරයාගේ පුත‍්‍රයින් තිදෙනාද තරයේ අනුමත කර ඇත.
කෙසේ වුව ද, ජනාධිපතිවරයා පසුගිය බදාදා අග‍්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා පෞද්ගලිකව කැදවා, අගමැති ධුරයෙහි වෙනසක් කිරීමට තමා බලාපොරොත්තුවන බවත් ඒ පිළිබඳව ජයරත්න මහතාගේ අදහසත් විමසා තිබේ. ‘‘ජනාධිපතිතුමා ගන්න ඕනෑම තීරණයකට මම එකගයි.’’ යැයි අගමැති දීමූ ජයතරත්න මහතා ඉතාමත් බයාදු ලෙස ජනාධිපතිවරයා හමුවේ ප‍්‍රකාශ කර තිබේ.
මේ අතර තමාට තවදුරටත් කතානායක ධුරයේ කටයුතු කළ නොහැකි බවත්, තමාට සුදුසු තනතුරක් ලබාදෙන ලෙසත් චමල් රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇති අතර කතානායක ධූරය සඳහා යෝජනා වී තිබූ නිමල් සිරිපාල අමාත්‍යවරයාද කතානායක ධූරයට තම අකමැත්ත ජනාධිපතිවරයා වෙත පළකර ඇත.
මෙම තත්ත්වය යටතේ ජනාධිපතිරවයා පසුගිය බ‍්‍රහස්පතින්දා ඔහුගේ සමීපතම හිතමිතුරන් තිදෙනෙකු අරලිය ගහමන්දිරය වෙත කැඳවා මතුවී තිබෙන අභ්‍යන්තර අවුල් පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
චමල් රාජපක්‍ෂ මහතා කතානායක ධූරය ප‍්‍රතික්‍ෂේප කරන බවත්, ඔහුව අගමැති කිරීමට තමා තීරණය කළද තම බිරිඳගෙන් හා දරුවන්ගෙන් එයට බරපතල විරෝධයක් එල්ලවී ඇති බවත් සඳහන් කර ඇති ජනාධිපතිවරයා, දීමූ ජයරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට අයහපත් වෙමින් තිබෙන බවත්, බොහෝ අවස්ථාවල ඔහුගේ සිහිකල්පනාව නැතිව යනබවත් පවසා තිබේ.
ඒ අනුව හැකි ඉක්මනින් අග‍්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිදුකිරීමට තමාට සිදුවී ඇතැයි ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කර තිබේ.
තවද එක්සත් ජාතික පක්‍ෂයෙන් ආණ්ඩුවට එක්වූ කිහිප දෙනෙකුට ඇමතිකම් සහ නියොජ්‍ය ඇමතිකම් දීමට සිදුවී ඇති බවත්, ජනාධිපතිවරයා ඔවුන්ට පවසා ඇත.
ආණ්ඩුවට එජාපයෙන් පැමිණි පිරිස්වලට විශේෂ සැලකීමක් දැක්වුවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ මන්ත‍්‍රීවරු අමනාප විය හැකි බව මෙම සාකච්ඡාවට සහභාගී වූ ජනාධිපතිවරයාගේ හිතවතෙකු පවසා ඇති අතර ආණ්ඩුවේ වත්මන් ක‍්‍රියාකාරත්වය ගැන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් කනස්සල්ලෙන් සිටින බවද ඔහු සඳහන් කර තිබේ.
පවුලේ අභ්‍යන්තර විරෝධයත්, ශ‍්‍රී ල.නි.ප ජ්‍යෙෂ්ඨයින්ගේ විරෝධයත් තාවකාලිකව හෝ යටපත් කිරිමට ඇති එකම මාර්ගය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට අගමැති ධූරය ලබාදීම බවත්, ඒ සඳහා වඩාත්ම සුදුස්සා හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා බවත් ඔවුන් ජනාධිපතිවරයාට පැහැදිලි කරදී තිබේ.
රත්නසිරි වික‍්‍රමනායක මහතාට අගමැතිකම දුනහොත් නිමල් සිරිපාලද සිල්වා සහ මෛත‍්‍රීපාල සිරිසේන වැනි පිරිස්වල විරෝධයක් එලල් නොවන බවත්, ශිරන්ති රාජපක්‍ෂ මහත්මියද එයට විරෝධයක් නොදක්වන බවත්, ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කර දී තිබේ.
එම තත්ත්වය යටතේ රත්නසිරි වික‍්‍රමනායක මහතාට යළි අගමැති ධූරය ලබාදීමටත් අමාත්‍ය මණ්ඩල සංශෝධනය දින කිහිපයකට කල්දැමීමටත් එහිදී තීරණය වී තිබේ.
තවද එම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ විෂයභාර අමාත්‍යාංශ වෙනස් කිරීමටද සාකච්ඡා වී ඇත. මෑත කාලයේ ආන්දෝලනයට තුඩුදී ඇති අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම හා විදුලිබල අමාත්‍යාංශ යන අමාත්‍යාංශවල වෙනසක අවශ්‍යතාවයද මෙහිදී සැලකිල්ලට බදුන්වී තිබේ.
එසේම මනූෂ නානායක්කාර, ගේ‍්‍රරෝ වැනි එජාපයෙන් පැමිණි මන්ත‍්‍රීවරුන්ද හේමාල් ගුණසේකර, නාමල් රාජපක්‍ෂ, සජින්වාස් ගුණවර්ධන, තරත්වත්ත, ලොකුබණ්ඩාර වැනි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණයින් කිහිප දෙනෙකුටද ඉදිරි කැබිනට් සංශෝධනයේදී නියෝජ්‍ය අමාත්‍ය ධූර හිමිවීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
Source: http://173.193.236.37/sinhala/index.php?option=com_content&view=article&id=1012:2012-01-15-17-49-52&catid=1:general&Itemid=53