ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් එල්ලවන බලපෑම් දිනෙන් දින වැඩි බවත්, ඒ පිළිබඳ බලපෑමක් කිරීමට විදේශ කටයුතු ඇමති මහචාර්ය ජී.එල්. පීරිස් මහතා අසමත් වී ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී ජනාධිපතිවරයා වෙත කරුණු කාරණා සහිතව පෙන්වා දී තිබේ.
මිලින්ද මොරගොඩ මහතා කොළඹ නගර සභා බල ප්‍රදේශයේහි රජයේ සංවර්ධන කටයුතු බාර ජනාධිපති නියෝජිත ලෙසත්, කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශයන්හි සංවර්ධන ව්‍යාපෘති බාර ජනාධිපති නියෝජිතයා ලෙස රෝහිත බෝගොල්ලාගම මහතා පත්කරන ලෙසත් ආරක්ෂක ලේකම් මිට ඉහතදී ජනාධිපතිවරයා වෙත උපදෙස් දී තිබිණ.
කෙසේ වුවද ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාගේ එම යෝජනවා සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැත. එහෙත් පසුගිය මාස කිහිපය තුළ ජාත්‍යන්තර ෙකෂ්ත්‍රයට අදාළ නිල නොවන රාජකාරී කිපයක්ම ජනාධිපතිවරයා විසින් බෝගොල්ලාගම මහතා වෙත පවරා තිබිණ. ඒ අනුව ඔහු සති කිහිපයකට පෙර ජනාධිපතිවරයාගේ පණිවිඩයක් රැගෙන ඉන්දියවටද ගොස් තිබිණ,
අප වෙත වාර්තාවෙන පරිදි ජනාධිපතිවරයාගේ විශේෂ රාජකාරියක් සඳහා රෝහිත බෝගොල්ලාගම මහතා මේ දිනවල බි්රතාන්යට පිටත්කර යවා තිබේ.
එසේම උගත් පාඩම් කොමිස වාර්තාවට අදාළව හා 13වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ජාත්‍යන්තර සම්බන්ධීකරණ කටයුතු කිහිපයක්ද ජනාධිපතිවරයා විසින් බෝගොල්ලා මහතා වෙත පවරා ඇත.
බෝගොල්ලගම මහතා වෙත මේවනවිට කෝට්ටේ සංවිධායක ධූරය හැර වෙනත් නිල වගකීමක් පවරා නැතත් ජනාධිපතිවරයා විසින් ඔහුගේ ආරක්ෂාව සඳහා ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් 15නෙකු යොදවා ඇත්තේ ආරක්ෂක රථ දෙකක් සමඟය.
පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කොට පරාජයට පත්වූ බෝගොල්ලාගම මහතා ලැබූ මනාප අනුව තේරී පත්නොවූ අපේක්ෂකයින් අතර දෙවන ස්ථානයේ සිටී. බෝගොල්ලාගම මහතාට වඩා සුළු වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් චන්දන කත්‍රිආරච්චි මහතා පාර්ලිමේන්තුවට තේරි පත් නොවූ සන්ධාන අපේක්ෂකයින් අතරින් ඉදිරියෙන්ම සිටී.
කිසියම් හෙයකින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට ඉදිරි කාලයේ පාර්ලිමේන්තුවට එමට නොහැකි වූවහොත් කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී පුරප්පාඩුවට බෝගොල්ලා මහතා පත්වනු ඇති බව ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු අපවෙත පැවසීය. චන්දන කත්‍රිආරච්චි මහතා අධිකරණය හමුවේ වරදකරුවෙකු වී ඇති බැවින් ඔහුට මන්ත්‍රී ධුරයක් ලැබීමට තිඛෙන නීත්‍යානුකූ අයිතිය අහිමිවී ඇතැයි එම නිලධාරීයා අප වෙත වැඩිදුරටත් පැවසීය.