Chitika Smowtion 468x60


Wednesday, January 18, 2012

නාමල්ට ජ’පුරෙන් නිල නොවන පශ්චාත් උපාධියක් !


ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න මහතා, ජනාධිපති පුත් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා වෙත නීත්‍යානුකූල නොවන අන්දමෙන් පශ්චාත් උපාධියක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා 1805552011001 DS/MA/Cri/3221/09 යන අංකය යටතේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් සඳහා ලියාපදිංචි වී සිටී.
A Qualitative Reseach Study on the Sociocultural Factors Inpiuenting Sexual & Mental Abuse Of Children in Sri Lanka යන්න ඔහුගේ විෂය පථය ලෙස දක්වා තිබේ.

උපදේශක මණ්ඩලය ලෙස නම් කර ඇත්තේ උපකුලපති මහාචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.ඩබ්. ජයසුන්දර යන මහත්වරුන්ය. සම්මන්ත‍්‍රණ පරීක්‍ෂක ලෙස පත් කර ඇත්තේ ආචාර්ය දයා අමරසේකර මහතාය.
මෙරට පිළිගත් ක‍්‍රමවේදයන්ට අනුව පශ්චාත් උපාධියක් පිරිනැමෙනුයේ අධ්‍යාපන ක්‍ෂ්ත‍්‍රයේ පර්යේෂණයන්හි නියැලී සිටින පිරිස් වෙත හා ගරු සේවය සලකමින් කිසියම් ක්‍ෂ්ත‍්‍රයට ප‍්‍රවීණතාවයක් උසුලන පිරිස් වෙතය.
මෙහිදී පර්යේෂණාත්මක අංශයෙන් පශ්චාත් උපාධියක් ලබාගැනීමට නම් මූලිකව ශාස්ත‍්‍රපති, දර්ශනපති යන උපාධි සම්පූර්ණ කළ යුතු වන අතර, වසර ගණනාවක පර්යේෂණ පිළිබඳ නිබන්ධනද ලබාදිය යුතුවේ.
මීට අමතරව, මෙරට පශ්චාත් උපාධි ලබාදෙන නව ක‍්‍රමයක්ද හඳුන්වා දී තිබේ. එයට කිසිදු නිර්නායකයක් අවශ්‍ය නොවේ. පාර්ලිමේන්තු මන්තී‍්‍ර මර්වින් සිල්වා මහතාට ආචාර්ය උපාධියක් ලැබී ඇත්තේ ඒ අනුවය.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා පශ්චාත් උපාධියක් ලබාගැනීමට අදාළ මූලික සුදුසුකම් සනාථ කිරීමටද සමත් වී නැත. මීට පෙරද නීති විද්‍යාල විභාගයට පෙනී සිටි ආකාරය සහ විභාගය සමත්වීම සම්බන්ධයෙන්ද ඔහුට බරපතළ චෝදනා එල්ල වී තිබිණ. එයට එරෙහිව මානව හිමිකම් නඩුවක් පැවරීමටද නීති විද්‍යාල ශිෂ්‍යයෙක් කටයුතු කළේය.
කෙසේවුවද, බරපතළ චෝදනා ගණනාවක් එල්ල වී ඇති ජයවර්ධනපුර සරසවියේ උපකුලපතිවරයා එම චෝදනාවලින් ගැලවීම සඳහා නාමල්ට පශ්චාත් උපාධියක් ලබාදීමේ ව්‍යාපෘතියට අතගසා තිබේ.
අප වෙත වාර්තා වන ආකාරයට නාමල් රාජපක්‍ෂ මහතාට පශ්චාත් උපාධියක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස උපකුලපතිවරයාට නියෝග කොට ඇත්තේ, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය.


Share this article with your friends