එම පිරිස මීට ස්වල්ප මොහොතකට පෙර පුලියන්කුලම් හිදී ආරක්ෂක අංශ විසින් නවතා ඇත. ඔවුන්ට යාපනයට යාමට අවසර දිය නොහැකි බවත් අවශ්‍ය නම් මුලතිව්වලට යාමට අවසර දිය හැකි බව එම නිලධාරීන් එහිදී පවසා තිබේ.
එහිදී සංවිධායකයින් සහ ආරක්ෂක අංශ නිලධාරීන් අතර උණුසුම්කාරී තත්වයක් ඇතිවූ අතර මේවන විට විරෝධතාකරුවන් එම ස්ථානයේදී දැවැන්ත විරෝධතාවක නිරතවේ.
මෙම විරෝධතාවට අද උදෑසන සිට ආරක්ෂක අංශ විසින් දිගින් දිගටම බාධා එල්ල කලහ.
මෙම සංවිධාන එකමුතුව සඳහා ජන අරගල ව්‍යාපාරය, එක්සත් සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, මාවෝවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම, සමාජවාදී පක්ෂය, සමාජවාදී සංධානය, ප්‍රැක්සිස් එකමුතුව, පීපල්ස් මාර්ච් සංවිධානය, අපි ශ්‍රී ලාංකිකයෝ, ජනතා නීතීඥ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතීඥයෝ සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය, මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය, අන්තර් සමාගම් සේවක සංගමය, සමස්ත ලංකා ටෙලිකොම් සේවා සංගමය, සමස්ත ලංකා සුවසේවා සංගමය ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන 17ක නියෝජිතයෝ එක්ව සිටිති.