Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

ලංකාවට හඳුන්වාදුන් ස්මාර්ට් මීටර් ක්‍රමය


විදුලි පාරිභෝජනයේදී පාරිභෝගිකයටත් සේවාදායකයාටත් විශේෂ වාසි හා පහසුකම් ලබාගත හැකි ව්‍යාපෘතියක් ලෙස "ස්මාර්ට් විදුලි මීටරය" ක්‍රමය විදුලි හා බලශක්ති අමාත්‍යාංශය විසින් පසුගියදා හඳුන්වා දුන්නා.

මෙමඟින් තමන්ගේ විදුලි පරිභෝජනය පිළිබඳ පැයෙන් පැය දත්ත ලබාගත හැකි අතර ජංගම දුරකථනයෙන් හෝ පරිගණකය හරහා අන්තර්ජාලයට ඇතුළුවී එම මොහොතේ ඇති තමන්ගේ බිල්පත බලාගැනීමටද හැකි වෙනවා.

විදුලි කාන්දුවක් වැනි අවස්ථාවකදී ස්මාර්ට් මීටරය මඟින් විදුලි ආයතනය වෙත දත්ත ලබාදෙන අතර එවැනි හදිසි අවස්ථාවකදී ක්ෂණිකවම එස් එම් එස් පණිවුඩයක් මඟින් පාරිභෝගිකයා දැනුවත් කිරීමට පහසුකම් තිබෙනවා. තවද අවශ්‍ය නම් විදුලි ආයතන හරහා ස්මාර්ට් මීටරයට විධානයක් ලබාදී විදුලිය විසන්ධි කිරීමටද පුළුවන.


ස්මාර්ට් මීටරය ක්‍රියාත්මක වන්නේ පහත ආකාරයටයි


විදුලි මීටරයේ ඇති ඇන්ටනාවක් මඟින් අදාල දත්ත විදුලි බල මණ්ඩලයේ සංඥා කුළුණකට ලබාදෙන අතර එම කුළුණේ සිට එම දත්ත මධ්‍යම මෙහෙයුම් ඒකකයකට යොමු කෙරෙනවා. අප විසින් බිල්පත් හා පාරිභෝගික විස්තර ලබාගන්නේ, මීටරයෙන් දත්ත ලැබෙන එම මධ්‍යම මෙහෙයුම් ඒකකයට ජංගම දුරකථනයෙන් හෝ අන්තර්ජාලය මඟින් සම්බන්ඳ වීමෙනි.

මේ සමඟම "පෙර ගෙවුම් ස්මාර්ට් විදුලි මීටරයක්" ද අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා. මෙම පෙර ගෙවුම් විදුලි මීටර මඟින් තමාගේ මාසිකව භාවිතා කිරීමට බලාපොරොත්තු වන ප්‍රමාණයට ගැලපෙන ලෙස මුදල් ගෙවා විදුලි පරිභෝජනය කිරීමට හැකි වෙනවා.

පෙර ගෙවූ ප්‍රමාණයට විදුලිය පරිභෝජනය කළ පසු නැවත යම් මුදලක් ගෙවා එය අලුත් කරගත යුතුයි. එසේ නොවන විටදී විදුලිය විසංධි වන අතර මුදල් ගෙවූ පසුව නැවත සම්බන්ඳතාවය ලැබෙනවා

කුලී පදනම මත දෙන වෙළඳසැල් හා මහල් නිවාස වලට මෙම ආකාරයේ පෙර ගෙවුම් ස්මාර්ට් මීටර් ක්‍රමය බොහෝ වාසිදායක වෙන අතර ආරම්භයක් ලෙස මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ නිවාස 30ක් තෝරාගෙන ඒවායේ මෙම නව ස්මාර් විදුලි මීටර් සවි කර තිබෙනවා.

ඉදිරියේදී මෙම නව ස්මාර්ට් මීටර ක්‍රමය කොළඹ, නුවර, කිරිබත්ගොඩ හා කැළණිය ආදී ප්‍රදේශවල ආරම්භහ කිරීමටද ලංකා විදුලි පෞද්ගලික සමාගම බලාපොරොත්තු වෙනවා.






Source: http://www.gossip9.com/2012/01/blog-post_1102.html#ixzz1klcBgi7g

Share this article with your friends