Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

කෘත්‍රිම පාද ගැන පරීක්ෂණය යටගසයි


කළුතර කර්මාන්තපුරයේ පිහිටි කෘත්‍රිම පාද නිෂ්පාදන ආයතනයක් මගින් නිපදවන කෘත්‍රිම පාද ප්‍රමිතියෙන් තොර බවට එහි සේවාදායකයන් පිරිසක් විසින් ගොනු කරනු ලැබූ පැමිණිලිවලට අදාළව එම ආයතනයට විරුද්ධව අධිකරණයමය කි්‍රයාමාර්ගයක් ගැනීම පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පැහැර හරිනු ලබන බව එම පාද ලබාගෙන අපහසුවට පත් වූ අය පවසති.

කෘත්‍රිම පාද නිපදවන ලංකාවේ විශාලතම දේශීය කර්මාන්ත ශාලාව වන කළුතර කර්මාන්තපුරයේ ආවාස් ඉන්ටර්නැෂනල් සමාගම ආරම්භක අවධියේදී නිපදනවන ලද කෘති්‍රම පාද මෙලෙස ප්‍රමිතියෙන් තොර වූ බවද වාර්තා වෙයි.


අදාළ සමාගමේ කෘති්‍රම පාද පැළඳීම නිසා අගතියට පත් සේවාදායකයන්ගේ සංගමය වෙනුවෙන් බණ්ඩාර හේරත් මහතා ප්‍රකාශ කළේ එම ආයතනයෙන් කෘති්‍රම පාද මිලදිගත් 10 දෙනෙකුට අධික පිරිසක් හා ආධාර මත පාද ලබාගත් 126 දෙනෙකු මේ ආකාරයට ලබාගත් කෘත්‍රිම පාද පැළදීමට නොහැකිව ඉවත් කර ඇති බවත්ය.
දණහිසින් පහළ කොටස සඳහා කකුලකට රුපියල් එක්ලක්ෂ විසිපන්දාහසක් ද සම්පූර්ණ කකුලක් සඳහා රුපියල් දෙලක්ෂ පනස්දහසක් ද බැගින් අයකරන බවත් එසේ වුවද එම කකුල පැළදීමේදී කකුලට තුවාල සිදුවන බවත් අගතියට පත් සේවා දායකයෝ ප්‍රකාශ කරති.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය පැමිණිලි විභාග කොට අගතියට පත් තැනැත්තන් වෙනුවෙන් නැවත මුදල් ලබාදීමට ආවාස් ඉන්ටර්නැෂනල් සමාගම එකඟතාව පළ කර ඇත්ත මේ වන තෙක් සියලූ දෙනාට අදාළ මුදල් ලබා දී නොමැති බවද වාර්තාවෙයි.
අදාළ ආයතනයට විරුද්ධව නඩු පවරන බව කියමින් ගිය වසරේ මැයි මස සිටම පාරිභෝගික අධිකාරිය සේවාදායකයන් මුලා කරන බවත් මේ දක්වාම නීතිමය පියවරක් ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අපොහොසත්වී ඇති බවත් බණ්ඩාර හේරත් මහතා ප්‍රකාශ කරයි.
මේ පිළිබඳ ආවාස් ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්‍රධානී අරුණ සමරවික්‍රම මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ සේවාදායකයන් ව උසි ගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය ඇතිවී ඇති බවත් ඔවුන් ඉවත්ව ගිය පසුව නිෂ්පාදනය කළ කෘත්‍රිම පාද සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මේ වනතෙක් ලැබී නොමැති බවයත්ය.
- රාවය

Share this article with your friends