Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

බෞද්ධාලෝක ඉඩමේ ඉදිකිරීම් ගැන පෙත්සමක්


කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි රුපියල් කෝටි ගණනාවක් වටිනා රුසියානු තානාපති කාර්යාලයට අයත් යැ'යි සැලකෙන ඉඩමේ සිදුකරමින් පවතින ඉදිකිරීම් නවත්වන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ජනවාරි 25 දින මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේඛම්වරයා, පොලිස්පතිවරයා, ඉදිකිරීම් සිදුකරන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා හා කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා නම් කර ඇත.


පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ එම ඉඩම් කොටසකට නීත්‍යනුකූල අයිතිය ඇතැ'යි කියන මොහොමඩ් සාලි නසීරා ඛෙගම් මහත්මිය ඇතුලූ ඇගේ පවුලේ සාමාජිකයන්ය.
මීට වසර ගණනාවකට පෙර මෙම ඉඩම අමාත්‍ය මර්වින් සිල්වාගේ නියෝගයක් අනුව බලහත්කාරයෙන් අල්ලා රථගාලක් බවට පත් කළ අතර පසුව රුසියානු තානාපති කාර්යලය එම ඉඩමට අයිතිවසිකම් කීමෙන් පසු එම ඉඩම තාප්පයකින් වටකරනු ලැබීය.
- රාවය

Share this article with your friends