Chitika Smowtion 468x60


Monday, January 9, 2012

අධිවේගයේ සුඛෝපභෝගී බස් වෙනුවට සාමාන්‍ය බසුත් එන්න පටන්ගනී


අද (09) උදෑසන 8ට ගාල්ලෙන් පිටත් වන ගාල්ල-මහරගම අධිවේගී මාර්ගයේ යන අධි සුඛෝපභෝගී බස් රථය වෙනුවට පැමිණ ඇත්තේ සාමාන්‍ය වයිකිං බස් රථයකි. 

මේ පිළිබඳව කලින් දැනුම් දීමක් නොකෙරුන අතර වැඩි මුදලක් ගෙවා සුඛෝපභෝගී ගමනකට සූදානම් වී සිටි මඟීන් හට යාමට සිදුවුනේ සාමාන්‍ය බස් රථයකයි.


මහරගම-ඇඹිලිපිටිය ධාවනය වන මහරගම ඩිපෝවට අයත් NB 1204 දරන එම බස් රථයේ කොන්දොස්තර වරයා වෙනදා සුඛෝපභෝගී බස් රථයකදී අය කරන ගාස්තුව වන රු 400/-ම අය කර ගැනීමට උත්සාහා කර ඇති අතර එසේ අය කරගැනීම අසාධාරණ බව මගීන් හඩ නැගීම නිසා පසුව අයකරගන ඇත්තේ රු. 300කි. 

මේ ගැටලුව නිසා බස් රථය ගාල්ලෙන් පිටත් වීමට විනාඩි 10ක් පමණ ප්‍රමාද වූ අතර එය සෙමින් ගමන් කිරීම නිසා කොට්ටාවට පැමිනීමට පැය එකහමාරක පමණ කාලයක් ගෙන තිබෙනවා.

ජායාරූප හා ලිපිය යොමුකළේ: ප්‍රවීන් ඉන්ද්‍රනාම







Source: http://www.gossip9.com/2012/01/blog-post_3938.html#ixzz1ixkgZnKp

Share this article with your friends