Chitika Smowtion 468x60


Monday, January 9, 2012

මහියංගනය බැතිමතුන්ගෙන් පිරී ඉතිරෙයි


mahiyangana 2600BC HE-බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කර වසර 2600ක් සපිරීම නිමිත්තෙන් ඓතිහාසික මහියංගන චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ පුදබිම වන්දනාමාන කර ගැනීම‍ට පැමිණි බැතිමතුන්ගෙන් අද (08) මුළු මහියංගනය ම පිරී ඉතිරීගිය බව වාර්තා වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ද මහියංගන රජමහා විහාරස්ථානයට පැමිණ බංග්ලාදේශයේ සිට වැඩම කරවන ලද කේෂ ධාතූන් වහන්සේලා වන්දනාමාන කර ගැනීමට එක් විය.


ගංගාරාම විහාරවාසී පූජ්‍ය මහාචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ කේෂ ධාතූන් වහන්සේලා සහිත ධාතු කරඬුව ජනාධිපතිතුමාගේ හිස මත තබා ආශීර්වාද කළහ.

අද සිට සිට 10 වැනි දා දක්වා පෙ.ව. 9.00 සිට සර්වඥ කේෂ ධාතුන් වහන්සේලා එහි දී ප්‍රදර්ශනය කෙරේ.

මහියංගන පුදබිම පිළිබඳ ව මාධ්‍යවේදී ගාමිණි සූරියආරච්චි මහතා ලියන ලද ග්‍රන්ථ ජනාධිපතිතුමා විසින් අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් සහ මහියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් වහන්සේලා වෙත පිළිගන්වන ලදී.

HC
mahiyangana 2600BC HE






mahiyangana 2600BC asgiri maha thero
mahiyangana 2600BC mahiyan maha thero






mahiyangana 2600BC crwd


Source : news.lk

Share this article with your friends