Chitika Smowtion 468x60


Monday, January 9, 2012

පියසේන ගමගේ කට වරද්දා ගනී


රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වන පියසේන ගමගේ මහතාට එරෙහිව පැමිණිලි කිරීමට අල්ලස් හා දූෂණවංචා කොමිෂම වෙත යෑමට පාසැල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය සූදානම් වෙනවා.

ඊට හේතු වී ඇත්තේ රුපියල් එක්ලක්ෂ පනස්දාහක (150,000/=) ක අල්ලසක් විදුහල්පති වරයෙකුට ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය වරයා පසුගියදා කල ප්‍රකාශයක්.


ඇමතිවරයා මෙම ප්‍රකාශය කළේ පසුගිය 05 වෙනිදා නෙළුව ප්‍රදේශයේ පාසැල් සිසු සිසුවියන් තුන්දහකට පමණ පාසැල් ගමන් මළු බෙදාදීම වෙනුවෙන් වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය විසින් සංවිධානය කර තිබූ උත්සවයකදී.

"ගාල්ල ප්‍රධාන පාසලකට 
මයෙක් ඇතුල් කර දෙන්න කියලා මං ඒ විදුහල්පතිට කිව්වම රුපියල් ලක්ෂ හතරක් දෙනවා නම් ළමයා ගන්නම් කිව්වා. බොහොම අමාරුවෙන් ගණන අඩු කරලා රු. ලක්ෂ එක හමාරක් දීලා දරුවා පාසලට ඇතුලු කළා. 

ගාල්ලේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ඇමතිවරයා මම. මටත් පාසළකට ළමයෙක් ඇතුලු කරගන්න උවමනා වුනහම විදුහල්පතිවරු මේ විදිහට මුදල් ඉල්ලනවා.
පාසැල් වලට ලමයින් ඇතුලත් කරගැනීමේදී මුදල් ගන්න එපා කියලා මොන තරම් චක්‍ර ලේඛන නිකුත් කරලා තිබුනත් විදුහල්පතිවරුන් මුදල් ගන්නවා"

ලස්සස් ලබාගැනීම මෙන්ම අල්ලස් ලබාදීමද වරදක් වන අතර පියසේන ගමගේ මහතාගේ පුත් චන්දිම ගමගේ විවාහවීමට නියමිතව ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සමඟයි.


Source: http://www.gossip9.com/2012/01/blog-post_8050.html#ixzz1ixm2ybGe

Share this article with your friends