Chitika Smowtion 468x60


Monday, January 9, 2012

ප‍්‍රභාකරන් නමින් මුද්දරයක්


ලොව දරුණුම ත‍්‍රස්තවාදී ව්‍යාපාරය මෙහෙයවූ, රටේ ජන නායකයන් පමණක් නොව අසල් වැසි ඉන්දියාවේ දේශපාලන නායකයන් මෙන්ම, තමන්ගේම ජාතියේ දේශපාලන නායකයන්ද, ආගමික නායකයන්ද, නිරායුධ සාමාන්‍ය ජනතාවද ඉතා අමානුෂික ලෙස ඝාතනය කළ ප‍්‍රභාකරන් නමින් මුද්දරයක් නිකුත් කිරීම ශිෂ්ට සාමාජයක කිසිවෙකුටත් අනුමත කළ නොහැකි ක‍්‍රියාවකි.

මෙවන් මුද්දර 360 ක් නිකුත් කර ඇති අතර ප‍්‍රංශ රජය මෙවන් මුද්දරයක් නිකුත් කිරීමක් ගැන දැන නොසිටි බවත් මේවා පුවත් පත්වල පලවන තෙක් ප‍්‍රංශයේ තානාපති කාර්යාලය නිහඩව සිටි ආකාරයත් අපි දුටුවෙමු. 


තානිපති කාර්යාලයේ නිල මඩුල්ලට රිසිසේ වැඩ කිරීමට තරම් මානසික තත්වයක් තානාපති වරයාගේ ක‍්‍රීයාකලාපය නිසා උද්ගතවී ඇති නිසා මෙම තත්වය උදාවූවාට සැක නැත. තානාපති කාර්යාලයේ වැඩ කළ ප‍්‍රංශ නිලධාරීන් පවා අද අයින් කර ඇත.

මෙවන් තත්වයක් තුල නිසි වේලාවට කටයුතු සිදු නොවීම නිසා මෙම මුද්දර නිකුත්වී අලෙවි කර අවසන් වනතුරුත් කිසිදු ක‍්‍රියා මාර්ගයක් ගෙන නොතිබුණී. සිදුවී ඇති දේ සිදුවී අවසානය. ප‍්‍රථම මුද්දරයෙන් ලිපිය යවා ඇත්තේ කැනඩාවටයි. අවශ්‍යනම් ආණ්ඩුවට බද්දක් ගෙවා යම් සංවිධානයකට මෙවන් මුද්දර නිකුත් කළ හැකිය. 


එයින් ප‍්‍රයෝජනය ගත් LTTE ත‍්‍රස්තවාදී සංවිධානය මෙසේ ප‍්‍රභාකරන්ගේ පින්තූරය සහිතව මුද්දර නිකුත්  කර ඇත.

පුදුමයට කරණ නම් ප‍්‍රංශ රජය මේ ගැන දැනුවත්වී නොසිටීමයි. දායන් ජයතිලක කුමක් කීවත් රජයක අනුදැනුමක් නැතිව මුද්දර නිකුත් කිරීමට ත‍්‍රස්තවාදී  සංවිධානයකට අවසර ලැබේ නම් හෙට වන විට බින් ලාඩන් නමින්ද ප‍්‍රංශ රට තුලම මුද්දරයක් නිකුත් විය හැකිය.  සියළු දේ  සිදුවූ පසු   ප‍්‍රංශ රජය මේ ගැන කනගාටුව ප‍්‍රකාශ කරමින් සමාව ඉල්ලා ඇත. සිදුවී ඇත්තේ අශ්වයා පැන ගියාට පසු ස්තාලය වැසුවාක් වැනි වැඩකි.


එක්සත් ජාතින්ගේ ප‍්‍රඥප්ති පවා උල්ලංඝනය කරමින් කටයුතු කළ මෙම ත‍්‍රස්ත  සංවිධානය ලොව බොහෝ බලවත් රටවල් තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබුණි. කවුරු කෙසේ කීවත් ප‍්‍රංශ රජයේ අනු දැනුම ඇතිව හෝ නැතිව, නැතිනම් ලඟ එන මැතිවරණයේදී ද්‍රවිඩ ජනතාවගේ ජන්ද ටික තම පැත්තට ලබා ගැනීමේ අරමුණ ඇතිව හෝ වෙනත් මොනයම්හෝ බලපෑමක් මත මෙම කටයුත්ත සිදු කිර ගැනීමට තරම් පරාජිත ත‍්‍රස්තවාදී සංවිධානවල පිරිස් බලවත් වී ඇත.

ඔවුන්ට දේශපාලනඥයන්ගේ සහාය බෙහෙවින්ම ලැබෙන බව පසුගිය දිනවල සිදුවූ සිදුවීම් කීපයකින්ම පැහැදිලි වේ. එපමණක් නොව ප‍්‍රංශ රජය ත‍්‍රස්තවාදයට අනුබල දුන් බව මනාව පැහැදිළිවන්නේ ප‍්‍රංශයේ විදේශ ඇමති ලෙස කටයුතු කළ බර්නාඞ් කුෂ්නේ ප‍්‍රභාකරන් බේරා ගන්නට ලංකාවට යාමයි. 


රටේ දේශපාලන නායකත්වයේ එඩිතර බව නිසා එය සඵල කර ගැනීමට නොහැකි විය. ප‍්‍රංශයේ දේශපාලනඥයන් ත‍්‍රස්තවාදයට උල් පන්දම් දෙන බවට එම සිදුවීමම ප‍්‍රමාණවත්ය. ලෝකයටම මිනිස් බෝම්බය හඳුන්වා දෙමින් ලොව සමහර රටවල්  ලේ විලවල් බවට පත්කළ මෙම ත‍්‍රස්තවාදී නායකයා සිහි කරමින් මුද්දරයක් නිතුත් කිරන්නට ඉඩදීම ත‍්‍රස්තවාදයට රුකුල් දීමක් නොවන්නේද

-ප්‍රංශයේ සිට විශේෂ ලියුම්කරුවකු විසිනි





Source: http://www.gossip9.com/2012/01/blog-post_2178.html#ixzz1ixsz1BV3

Share this article with your friends