Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ලේක්හවුස් වෘත්තීය සමිති නායකයා ලක්ෂ 3කට යටවේ


ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා සභාපති ධූරයෙන් ඉවත්කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කරමින් ‘‘මරාගෙන මැරෙන’’ උපවාස සංවිධානය කළ එහි ශ‍්‍රී ල.නි.ප වෘත්තීය සමිතියේ සභාපති ඞී.එම්.පී. දසනායක මහතා රුපියල් ලක්ෂ 3කට හා උසස්වීමක් වෙනුවෙන් වෘත්තීය සමිති අරගලය මුලූමනින්ම පවාදී ඇතැයි එම වෘත්තීය සමිතියේ ක‍්‍රියාකාරීන් චෝදනා කරති.
එම වෘත්තීය සමිති නායකයාට වසර 4ක හිඟ වැටුප් ලෙස ලක්ෂ 3ක් ලබාදීමට එකඟවී ඇති බන්දුල පද්මකුමාර මහතා එහි ආරම්භයක් ලෙස වසර 2ක හිඟ වැටුප් වර්ධක ලෙස රුපියල් 1,48,000 ක මුදලක් පසුගියදා ප‍්‍රධානය කර තිබේ. ලේක්හවුස් සභාපතිවරයා විසින් ඔහුට එරෙහිව කැරලි ගැසීමේ හේතුව මත මොහුට හිමිවිය යුතුව තිබූ වසර 4ක වැටුප් වර්ධක අත්හිටුවා තිබිණ.

තවද දසනායක මහතා වෙත නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරක්ද ලබාදීමට බන්දුල පද්මකුමාර මහතා පොරොන්දු වි තිබේ. වෘත්තීය සමිති නායකයාට එසේ වැටුප් වර්ධක හා උසස්වීම් ලැබී තිබුණද ඔහුගේ ඉගෙනුම් බස් මත සභාපතිවරයා පන්නා දැමීමට උපවාස කිරීම හේතුවෙන් රැකියා අහිමිවූ එම වෘත්තීය සමිතියේ සේවකයින් මේ වනවිටත් නිවෙස්වලට වී බලා සිටී.

සභාපතිවරයා සහ වෘත්තීය සමිති නායකයා අතර ඇතිවූ මෙම ලෙංගතුකම කොතෙක්ද යත් පසුගිය 23 වනදා රාත‍්‍රියේ එම ආයතනයේ පැවති ඞී.ඒ. විජේවර්ධන අනුස්මරන පිරිත් දේශනයේදී සභාපතිවරයා වෘත්තීය සමිති නායකයාව තමා අසලම වාඩිකරගෙන තිබිණි. සභාපතිවරයාට පවතින අපහසුතාවය සලකා පිරිත් දේශනය සවන්දීමට වාඩිවී සිටිම සඳහා ලබාදුන් කොට්ට දෙකෙන් එකක්ද ඔහු විසින් වෘත්තීය සමිති නායකයාට ලබාදුන්නේය.

අප වෙත වාර්තාවන පරිදි ලේක්හවුස් සභාපතිවරයා හා ශ‍්‍රී ල.නි.ප වෘත්තිය සමිතිය අතර දිගුකලක් තිස්සේ පැවති ගැටුම සමතයකට පත්කිරීමට මැදිහත්වී ඇත්තේ එම ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) නාරද සුමනරත්න මහතාය. මොහු අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගේ මස්සිනා වේ.

අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ නිවසේ පසුගියදා පැවති සාදයට පැමිණි ජනාධිපතිවරයාට කෑම මෙසයේදී නාරද සුමනරත්න මහතාව ඇමතිවරයා විසින් හඳුන්වා දී ඇත. එහිදී ජනාධිපතිවරයා ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා හා ආණ්ඩුවේ වෘත්තීය සමිති අතර ගැටුම තමන්ට බලවත් ප‍්‍රශ්නයක් බවත්, තමාට දෙපාර්ශවයම අවශ්‍ය බවත් පවසා මෙම ගැටලූව විසඳීමට මැදිහත්වන ලෙස නාරද මහතාගෙන් ඉල්ලා තිබේ. මොනම තත්ත්වයක් යටතේ වුවද තමා බන්දුල පද්මකුමාර මහතා සභාපති ධූරයෙන් ඉවත් නොකරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරනය කර ඇත.

නාරද සුමනරත්න මහතා ඊට කැමැත්ත පළකිරිමත් සමග ජනාධිපතිවරයා අනුරයාපා ඇමතිවරයාගේ නිවසේ සිටම ලේක්හවුස් සභාපතිවරයාට ඇමතුමක් ලබාදෙමින්, වහාම ශ‍්‍රී ලංකා වෘත්තීය සමිතිය සමග සාකච්ඡා කොට එකඟතාවයක් ඇතිකරගන්නා ලෙසත් ඊට අදාල සම්බන්ධීකරන කටයුතු නාරද විසින් සිදුකරනු ඇති බවත් දැනුම්දී ඇත.

බන්දුල පද්මකුමාර මහතා ලේක්හවුස් සභාපතිධූරයෙන් ඉවත්කිරිම සඳහා අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාද එකල බලවත් උත්සාහයක් දැරූ අතර ඒ සඳහා නාරද සුමනරත්න මහතාද මෑතක් වනතුරුම ශ‍්‍රී ල.නි.ප වෘත්තීය සමිති නායකයින්ට හොර රහසේ ආධාර උපකාර කළේය.

කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණ ලේක්හවුස් ආයතනයේ සභාපතිවූ බන්දුල පද්මකුමාර මහතා ඉවත්කිරීමට ගෙනගිය සටනේ අවසාන ප‍්‍රතිඵලය වූයේ අනුර යාපා මහතාට ජනමාධ්‍ය අමාත්‍ය ධූරය අහිමි වීමයි.

Source - lankanewsweb.com

Share this article with your friends