Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ලංකාවේ ප්‍රථම eBook පොත්සල


දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශකයෙක් වන ඇම්.ඩි.ගුණසේන සමාගම හා මයික්‍රො ඉමේජ් (microimage) ජංගම දුරකථන විසදුම් සම්පාදකයන් හා එක්ව ශ්‍රීලාංකේය පාඨකයන් වෙනුවෙන් මෙරට ප්‍රථම අන්තරාල e පොත්සල, පොත්ගුල (eBook store) හා ඊ බුක් රීඩර් (eBook reader) පහසුකම සැලසීම සඳහා එටිසලාට්‌ සමාගම පියවර ගෙන ඇත.

මේ අනුව මෙරට සාහිත්‍ය කෘතීන් පළමු වරට අන්තර්ජාලය ඔස්සේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් පල කෙරෙනු ඇති අතර පරිගණක ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් ජංගම උපාංග ඔස්සේ එම කෘතීන් මිලදීගැනීමට පාඨකයන්ට හැකි වෙනු ඇත.

මෙම පහසුකම සියලු පාඨකයන් හට අත්විදිය හැකි වන අතර ඒ සදහා භාවිතා කරන දුරකථන සබදතාවය ගැටළුවක් නොවනු ඇත.

ඉංග්‍රීසි, සිංහල හා දමිළ බසින් දේශීය වශයෙන් පලකෙරෙන පොත් මෙම පොත්සලේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් පලකෙරෙන අතර, ඒ අනුව පාරිභෝගිකයන්ට මෙම වෙබ් අඩවිය ඔස්සේ ඉලෙක්ට්‍රොනික් පොත් තෝරාගෙන සිය පරිගණකයට, ස්මාර්ට් ෆෝන් ගණයට අයත් ජංගම දුරකථනයට හෝ ටැබ්ලට් පරිගණකයට ඩවුන්ලෝඩ් කරගැනීමට හැකියාව ලැබේ.

නවකතා පමණක් නොව අධ්‍යාපන ප්‍රකාශන, සගරා, ළමා පොත්, ආගමික පොත්, ව්‍යාපාරික සගරා ආදී වශයෙන් විශාල පරාසයක ග්‍රන්ථ මේ අයුරින් අන්තර්ජාලය ඔස්සේ ලබාගනිඉමට හැකිවනු ඇති අතර ඉදිරියේදී මීට පුවත්පත් හා පාඨ ග්‍රන්ථද ඇතුලක් කිරීමට හැකිවනු ඇත.

පොත්සල යන සංකල්පය ජාත්‍යන්තර වශයෙන් විශාල වශයෙන් ජනප්‍රිය වීමට හේතුවක් වන්නේ ඒ හරහා පොත් මිලට ගැනීමේ සම්ප්‍රදායික ක්‍රමය නුතන පාඨකයන්ට පහසු වන ආකාරයෙන් වෙනස් කෙරී ඇති නිසාය.

අන්තර්ජාලය ඔස්සේ අලෙවි වන ඉලෙක්ට්‍රොනික පොතක මිල එහි සැබෑ මිලට වඩා අඩු වන අතර පොතක් මිලට ගැනීම සදහා පොත් අළෙවිසලකට යාමට පාඨකයන්ට අවශ්‍ය නොවේ. පොත්සල් ඔස්සේ අන්තර්ජාල පහසුකම ඇති ඕනෑම කෙනෙකුට ලෝකයේ ඕනෑම තැනක සිට පොත් මිලට ගැනීමට හා පරිහරණයට මේ අනුව හැකියාව ලැබේ.






Source: http://www.gossip9.com/2012/02/ebook.html#ixzz1ncuf7C2r

Share this article with your friends