Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ගෝඨා සමග යාපනයේ ගිය මාධ්‍යවේදීන්ට වතුරවත් නැහැ


යාපනය තෙලිප්පලෙයි ජාතික විද්‍යාලය හා යාපන පුස්තකාලයේ විවෘත කිරිම් කිහිපයකට පසුගිය දා සහභාගී වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එකී සංචාරය වාර්තා කිරීම සඳහා කොළඹින් රැගෙන ගිය පෞද්ගලික මාධ්‍ය ආයතනවල ‘දේශපේ‍්‍රමී’ මාධ්‍යවේදීන් 13 දෙනාට අඩුම තරමින් වතුර බෝතලයක් හෝ ලැබී නැතැයි වාර්තා වේ.


එම මාධ්‍යවේදීන් රැගෙන යාම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදීම භාරව සිට ඇත්තේ කපිතාන් උභය පෙරේරා මහතාය. ඔහු එම මාධ්‍යවේදීන්ට කිලිනොච්චියෙන් කෑම පාර්සල් සපයා ඇති අතර ඒවා ආහාරයට ගත නොහැකි ලෙස පිලිනුවී තිබී ඇත.


ආරක්ෂක ලේකම්වරයාගේ රාජකාරී ආවරණය කරන මාධ්‍යවේදීන්ගේ සම්බන්ධීකරන කටයුතු මීට පෙර සිදුකරනු ලැබුවේ මේජර් මහින්ද නැමැත්තා වුවද ඔහු වෙනුවට එදින එම වගකීම යුද හමුදාපතිවරයා විසින් කපිතාන් උභය පෙරේරාට පවරා තිබී ඇත.

කපිතාන් උභය පෙරේරා යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ සමීපතම ඥාතියෙකි. යුද හමුදාවේ කර්නල් වරයෙකුව සිටි ඔහු එහි සිදුකළ බරපතල වංචාවක් හේතුවෙන් කපිතාන් ධූරයට පහත දැමූ අතර යුද හමුදාපතිවරයාගේ බලපෑම් මත ඔහු තවදුරටත් හමුදා සක‍්‍රීය සේවයේ රඳවාගෙන සිටී.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ රාජකාරි කටයුතු ආවරණය කරන මාධ්‍යවේදීන්ට ප‍්‍රනීත ආහාර පාන හා ඉස්තරම්ම වර්ගයේ විදේශීය මදුවිත සංග‍්‍රහයක් සැපයීම මෙතෙක් පැවති සම්ප‍්‍රදාය නමුත් එදින සංචාරය සහභාගී වූ මාධ්‍යවේදීන්  දෙනා වෙනුවෙන් එහි සිටි මේජර් මල්ලවආරච්චි මහතා විසින් සපයා ඇත්තේ පොල්අරක්කු බෝතල් තුනක් පමනි. එහින් බෝතල් දෙකක්ද එය රැගෙන ආ හමුදා රියදුරා විසින් ඔහු භාරයේ තබාගෙන ඇත.

මෙම අයහපත් සැලකිලි හේතුවෙන් ආරක්ෂක ලේකම්වරයාගේ එම යාපන සංචාරයට පුලූල් ප‍්‍රචාරයක් ලබානොදීමට ‘දිවයින’ පුවත්පත හා අනෙකුත් පෞද්ගලික මාධ්‍ය තීරනය කර තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends