Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

නාකොටික් සතු මැකලම් පාරේ ඇති අමුතු වැටලීම් අංශය


පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් කොළඹ මැකලම් පාරේ මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන්නන් වැටලීම සඳහා යොදා ඇති මුර පොළට අනුයුක්ත කර තිබෙන නිලධාරීන් විසින් සිදුකරනු ලබන වැටලීම්වලදී කොටුකරගන්නා ජාවාරම්කරුවන් අල්ලස් ලබාගෙන මුදාහරින බව අප වෙත වාර්තා වේ.


අදාල මුරපොළේ වැටලීම් සිදුකරනු ලබන්නේ පොලිස් පරීක්‍ෂකවරයෙකුවන ‘ප‍්‍රසන්න’ නැමැත්තකුගේ අධීක්‍ෂණයෙන් බවද පැවසේ.
මෙම මුරපොළට හසුවන ඕනෑම ජාවාරම් කරුවෙකුට අදාල නිලධාරීන් සමග තම අල්ලස් මුදල තීරණය කර ගැනීමෙන් පසුව ඉන් බේරීයාමට හැකි බවද වාර්තා වේ.

අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ මුදල් නොමැතිවුවහොත් පිටතට ඇමතුමක් ලබාගෙන මුදල් ගෙන්වාගෙන බේරීමටද මොවුන් පහසුකම් සපයන බව ද වාර්තා වේ.
කෙසේවුවද මෙම මුර පොළ අධීක්‍ෂණය කරනු බලන ප‍්‍රසන්න නැමැති නිලධාරියා එහි සේවය කරනු ලබන සෙසු නිලධාරීන්ට උපදෙස්දී ඇත්තේ මුදල් ලැබෙන්නේ නම් ඕනෑම ජාවාරම්කරුවෙකු අදාල මත්ද්‍රව්‍යද සමග මුදාහරින ලෙස බවද පැවසේ.
කෙසේවුවද තමාගේ කොටස මෙන්ම ජාවාරම් කරුවන්ගේ ජංගම දුරකථන අංක හා ලිපිනයන්ද තමාට ලබාදෙන ලෙසද අදාල නිලධාරීන්ට උපදෙස්දී ඇතැයි වාර්තා වේ.
මෙසේ ලබා ගන්නා ජංගම දුරකථන අංකවලට පසුව ඇමතුම් දෙන ප‍්‍රසන්න නැමැති නිලධාරියා තමන් කවුදැයි හඳුන්වාදී පසුව ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ලබා ගන්නා බවද පැවසේ.
මේ අතර, බ්ලූමැන්ඩල්, මෝදර, මට්ටක්කුළිය, කොලොන්නාව, වැල්ලම්පිටිය හා තොටලඟ යන ප‍්‍රදේශවල ප‍්‍රධාන මත්කුඩු හා ගංජා ජාවාරම් කරුවනුගෙන් මොහු මාසිකව කප්පම් ලබා ගන්නා බවද වාර්තා වේ.

Source - lankanewsweb.com

Share this article with your friends