Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

පුද්ගලයින් 687 කගේ දුරකථන ටැප්කරලා - මංගල


රජයේ අනුදැනුම මත ආරක්ෂක අමාත්‍යාංශය විසින් පුද්ගලයින් 687 දෙනෙකුගේ දුරකතන සංවාදවලට රහසින් සවන්දෙන බව එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත‍්‍රික් පා.ම මංගල සමරවීර මහතා පවසයි.
මංගල සමරවීර මහතා ඒ පිළිබදව වූ තොරතුරු රාශියක් පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය. ආණ්ඩු පක්ෂයේම මැති ඇමතිවරුන් 124 දෙනෙකුගේද දුරකථන ටැප්කර ඇති බව පැවසූ සමරවීර මහතා, ඔවුන් අතර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් තිදෙනෙකු වන බව අවධාරනය කළේය.

රජය විසින් සිදුකරගෙන යන මෙම ක‍්‍රියාවලිය සඳහා චීන සමාගම් දෙකක් මැදිහත්කොටගෙන ඇති බවත් ඔවුන්ට විශාල මුදල් ගෙවීම්ද සිදුකරන බවත් මහානායක හිමිවරුන් ඇතුළු ආගමික නායකයින්, පුවත්පත් කතුවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු රටේ විවිධ ක්ෂේත‍්‍රයන්හි නියුතු පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම්වලට රජය මෙසේ සවන්දෙනමින් සිටින බවත් සමරවීර මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන්කොට සිටියේය.


Source - lankanewsweb.com

Share this article with your friends