Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ජනතාව දැනුවත් කරමින් සිටි ජවිපෙ සාමාජිකයන්ට ආණ්ඩුවේ මැරයන්ගෙන් බාධා


මොණරාගල නගරයේ අත්පත‍්‍රිකා බෙදා හරිමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසකට ආණ්ඩුවේ මැර පිරිසක් විසින් බාධාකර තිබේ.
දිවයින පුරා සංවිධානය කර තිබූ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික දැනුවත්කිරීමේ ව්‍යාපාරයට සමගාමීව මොනරාගල නගරයේදී ද පසුගියදා (26) උදේ 9.00යේ සිට  ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත‍්‍රකා බෙදාහරිමින් ජනතාව දැනුවත් කිරීමේ ක‍්‍රියාවලියක නිරවිය. මෙය ආරම්භ කර පැය කිහිපයක් පත‍්‍රිකා බෙදා හැරි අතර දහවල් 11.30ට පමණ පැමිණි මැර පිරිය පත‍්‍රිකා බෙදාහිරමින් සිටි සාමාජිකයන්ට දිගින් දිගටම බාධාකරමින් ගැටුමක් ඇතිකරගැනීමට උත්සාහ දරා ඇත. මේ අවස්ථාවේ ක‍්‍රියාත්මක වූ ජවිපෙ සාමාජිකයින් පොලිස් හදිසි ඇමතුමට දන්වා ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ සිටියදීද මෙම මැරයන් විසින් ජවිපෙ සාමාජිකයන්ට බාධාකර ඇත.


මොණරාගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති රත්නවීර සමග පැමිණි මැරපිරිසක් මෙසේ බාධාකර ඇත.

මොණරාගල පොලීසියේ අංක CIB ii 53/247 යටතේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැමිණිලිකරද කර තිබේ.


තවද අනුර විදානගමගේ මන්ත‍්‍රීවරයා පිරිවරා පැමිණි ආණ්ඩුපක්ෂ මැරයන් විසින් මීගහකවුල ප‍්‍රදේශයේ පත‍්‍රිකාබෙදමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට පහරදී ඇත.

අනුර විදානගමගේ මහියංගන ආසනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සංවිධායක සහ මන්ත‍්‍රීද වෙයි. මෙම ප‍්‍රහාරයට විරුද්ධව මේවන විට මීගහ කිවුල පොලීසියට පැමිණිලිකිරීමින් සිටින බව ඌව පළාත්සභා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී සුදත් බල ගල්ල මහතා පැවසීය.


Source - lankanewsweb.com

Share this article with your friends