Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

මිහින් ලංකා ගමන අවලංගු වී ගුවන් මඟීන් අමාරුවේ.


ඉන්දුනීසියාවේ ජාකර්තා බලා යාමට නියමිතව තිබූ මිහින් ලංකා ගුවන් සේවයේ MT-603 දරන ගුවන් ගමන් වාරය පසුගිය 24 වනදා අවලංගු වූ බව වාර්තා වෙනවා.

ගුවන් යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් මෙම ගමන් වාරය අවලංගු කිරීමට හේතු වූ අතර දෙසීයකට ආසන්න ගුවන් මඟීන් පිරිසක් ඉන්පසු ගුවන් තොටුපළ ආසන්නයේ වූ හෝටල් කරා යොමු කර තිබෙනවා.

ඒ අතර මැදපෙරදිග රටවල සේවය කර මව් රට බලා යන ඉන්දුනීසියානු මඟීන් පිරිසක්ද මෙයින් අපහසුතාවයට ලක්වී තිබෙනවා.

රු. කෝටි ගනනින් පාඩු ලබමින් ක්‍රියාත්මක වන මිහින් ලංකා ගුවන් සේවයට පසුගියදා තවත් ගුවන් යානා දෙකක් මිලදී ගනු ලැබූ අතර ඩුබායි, ට්‍රිචි, බුද්ධගයා, බරනැස, කුවේට්, බංගලාදේශය, මාලදිවයින, ඉන්දුනීසියාව යන නගර හා රටවලට පමණක් මිහින් ලංකා ගුවන් සේවය ක්‍රියාත්මක වෙනවා.

රටේ සිදුවන මුදල් නාස්තිය පිළිබඳව පෙන්විය හැකි හොඳ උදාහරණයක් නම් මිහින් ලංකා ආයතනයයි. මිහින් ලංකා ආයතනය ලබන පාඩුව හා මුදල් නාස්තිය අපි අවස්ථා ගනනාවකදී සටහන් කර ඇත්තෙමු.

ශ්‍රී ලංකා ගුවන් සේවය ජාතික ගුවන් සේවා පද්ධතිය වශයෙන් පවත්වාගන යද්දී තවත් ජාතික ගුවන් සේවාවක් පවත්වාගන යන්නේ සිය නම ගුවන් සේවයකට යෙදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තිබූ ආසාව නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ.

ශ්‍රී ලංකා ගුවන් සේවාව ලාභ ලබමින් යහපත් කාර්යක්ෂම සේවාවක් පවත්වාගන යන ආයතනයක් නම් මිහින් ලංකා ආයතනය වැනි තවත් ජාතික මට්ටමේ ගුවන් සේවා ආයතනයක් පවත්වාගන යාමේ ගැටළුවක් නැත. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සේවාවද දිගින් දිගටම ලාභ ලබන ආයතනයක් බවට පත්වී නැත. එසේ තිබියදී තවත් පාඩු ලබන සේවාවක් රටට අවශ්‍ය නැත.


එලෙස දැවැන්ත පාඩුවක් ලබා ඇති මිහින් ලංකා සමාගමට 2011 වසරේදී තවත් රුපියල් මිලියන 1,700ක් ලබා දීමට අනුමත කර තිබූ අතර එමඟින් ගුවන්යානා දෙකක් මීට මාස කීපයකට පෙර මිලදී ගෙන තිබුණා.

දිගින් දිගටම පාඩු ලබන මිහින් ලංකා ගුවන් සේවයේ පාඩුව පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක මහතා අසන ලද ප්‍රශ්නයකට සිවිල් ගුවන් සේවා ඇමතිවරයා 2011 නොවැම්බර් මාසයේදී දෙන ලද පිළිතුරක් අනුව 2006 සිට 2011 දක්වා මිහින් ලංකා ආයතන ලබා ඇති පාඩුව රු. මිලියන 7,464 කි. ඇමතිවරයා පැවසුවේ එය පොඩි අලාභයක් බවයි.

එම වීඩියෝව පහතින්



මේතරම් මුදලක් අලාභ ලබමින් මිහින් ලංකා ආයතන පවත්වාගන යාම රටට කරන අපරාධයකි.

රටකට ජාතික ගුවන් සේවාවක් අවශ්‍යය. ඒ සඳහා කළ යුත්තේ ප්‍රධාන ගුවන් සේවාව දියුණු කර ගැනීමට කටයුතු කිරීමයි. ඒ සඳහා වූ යෝජනා රජයට ඉදිරිපත් කර තිබියදීත් රජය ඒ සඳහා කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත.

මිහින් ලංකා ආයතනයට ලබාදෙන අති විශාල මුදල ශ්‍රී ලංකන් ගුවන් සේවාවට යොදවා මේ ආයතන දෙකම එකක් වශයෙන් පවත්වාගන යාමෙන් පාඩුව අවම කරගැනීමට රජයට හැකියාව ඇත.

වාර්ෂිකව කාබාසිනියා වන මේ මුදල් රටේ සංවර්ධනයට යොමු කළ හැකිය. මේ මුදල් වැඩිවූ තෙල් මිල පාලනයට යෙදිය හැකිය. වැඩිවූ බස් ගාස්තුව වෙනුවට බස් ගාස්තු හිමියන්ට සහන සලසා බස් ගාස්තු අඩු කිරීමට හැකියාව ඇත.

සත්‍යය වටහාගන ජනතාවට සහන සැලසීමට ක්‍රියා නොකරන්නේ රටේම අවාසනාවට විය හැකිය.






Source: http://www.gossip9.com/2012/02/blog-post_1024.html#ixzz1nd23z0nl

Share this article with your friends