Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ෆවුසි හා අලෙවි කපා ෆයිසර් පෙරට ගනී


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මුස්ලිම් නායකයින් වන ඒ.එච්.එම්. ෆවුසි හා අලෙවි මවුලානා යන මහත්වරුන් කපා හැර එක්සත් ජාතික පක්ෂයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉදිරියට ගෙන ඒමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව ශ‍්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයන් සමඟ කරන රාජතාන්ත‍්‍රික ගනුදෙනුවලදී ෆයිසර් මුස්තාපා නියෝජ්‍ය ඇමතිවරයාට ප‍්‍රමුඛත්වයක් දෙන්නැයි ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ. ඉදිරි කැබිනට් සංශෝධනයකදී ෆයිසර් මුස්තාපා මහතාව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය යටතේ ජනාධිපතිවරයා පසුගිය දා පකිස්තානයේ කල නිල සංචාරයටද ෆයිසර් මුස්තාපා නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී කරවා ගත් අතර, ජනාධිපතිවරයා විසින් එරට රාජ්‍ය නායකයින් වෙත ඔහුව හඳුන්වා දී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ අනාගත මුස්ලිම් නායකයා ලෙසය.
මේ වන විට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස පලස්තීනයේ රාජ්‍ය නායකයින් හමුවට ගොස් ඇති නාමල් රාජපක්‍ෂ මහතා ද එම ධූත කණ්ඩායමෙන් මුස්ලිම් නියෝජිතයා ලෙස රැගෙන ගොස් ඇත්තේ ෆයිසර් මුස්තාපා මහතාය.
තවද කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඉදිරියේදී මැදපෙරදිග සංචාරයකට සහභාගීවීමට නියමිත අතර, එම සංචාරය සඳහා ද ෆයිසර් මුස්තාපා නියෝජ්‍ය ඇමතිවරයාගේ නම නිර්දේශ වී තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends