Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ජනපතිට, පක්ෂයේ වෘත්තීය සමිති සිහිවේ


ඉන්ධන මිල ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් සීග‍්‍ර ලෙස ඉහළ යාමත් සමග මතුවී තිබෙන ජනතා විරෝධය හමුවේ ඊට මුහුණදීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති සක‍්‍රීය කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
ඒ අනුව විදුලි බල, වරාය, ජලසම්පාදන වෘත්තීය සමිති සම්බන්ධීකරන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා සහ රෝහිත අබේගුණවර්ධන (රත්තරං), පේ‍්‍රමලාල් ජයසේකර (චොකා මල්ලි) යන නියෝජ්‍ය ඇමතිවරුන්ට ජනාධිපතිවරයා විසින් පවරා තිබේ. පසුගියදා (22) පස්වරුවේ මොවුන් තිදෙනා කැඳවා ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් වූ උපදෙස් ලබාදී ඇත. ඉන්දියාවේ සිට පැමිණි වහාම මෙම කටයුතුවලට මැදිහත් වන්නැයි ජනාධිපතිවරයා එහිදී අමාත්‍ය මර්වින් සිල්වා මහතාට දැනුම්දී ඇත.


කලකිරීමට පත්ව සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නායකයින්ගේ හා ක‍්‍රියාකාරිකයින්ගේ ආර්ථික දුෂ්කරතාවයන් පිළිබද වාර්තාවක් වහාම තමාවෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ඔවුන්ට දන්වා ඇත. කොයි මොහොතක හෝ බරපතල වෘත්තීය සමිති විරෝධතාවයක් මතුවිය හැකි බව බුද්ධි අංශවලින් තමාට දැනුම්දී ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා එවැනි තත්ත්වයකට මුහුණදිය හැකි ලෙස පක්ෂයේ වෘත්තීය සමිති ශක්තිමත් කළ යුතු බව අවධාරනය කර තිබේ.

ඒ අනුව 24
දා පෙරවරුවේ දකුණු පළාතේ විදුලි බල මණ්ඩල ශ‍්‍රී ල.නි.ප ක‍්‍රියාකාරීන් හමුවට ගොස් ඇති පේ‍්‍රමලාල් ජයසේකර මහතාගේ නියෝජිතයින් කිහිප දෙනෙකු ලබන මස 6 වන දා මාතරදී විදුලි බල මණ්ඩලයේ ශ‍්‍රී ල.නි.ප නියෝජිත සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබේ. ඊට සහභාගීවන සියලූ දෙනාට වැටුප් සහිත නිවාඩු, ප‍්‍රවාහන පහසුකම් හා ආහාර පාන ලබාදෙන බවටද ඇමතිවරයාගේ නියෝජිතයින් පොරොන්දුවී ඇත.

මේ අතර වරාය නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද වරායේ වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකු කැඳවා, ඉදිරියේදී ‘‘ජේවීපේ කාරයින්ට ගේමක් දීමට සූදානම් වන ලෙස’’ දැනුම්දී තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends