Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ලේක්හවුස් පුවත්පත්හි දැන්වීම් ආදායම කඩාවැටේ


ලංකාවේ එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ 2009 වාර්ෂික වාර්තාව පසුගියදා (22) පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැුස්වීම සඳහා ඉදිරිපත් කෙරුණි. එම වාර්ෂික වාර්තාව 2009 ජනවාරී 01 සිට 2009 දෙසැම්බර් 31 දක්වා කාල සීමාවට අදාල වේ.


ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) කේ.ඩබ්ලිව්.ටී.එන් අමරතුංග, අතිරේක ලේකම් (පාලන) ජේ.ඞී.සී. ජයසිංහ සහ ප‍්‍රධාන ගණකාධිකාරී එම්.ඒ. විජේදාස යන නිලධාරීන්ගේ අත්සනින් යුතුව එම වාර්තාව ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාවට අනුව ලංකාවේ එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වනුයේ පුවත්පත් අලෙවි කිරීම හා දැන්විම් පළකිරීමයි. 2008 වර්ෂයට සාපේක්ෂව 2009 වර්ෂයේ දැන්වීම් පළකිරීමේ දළ ආදායම රුපියල් මිලියන 387 කින් එනම් 16.75% කින් පහත වැටී ඇත. මේ තත්ත්වය මත මුලූ ආදායම රුපියල් මිලියන 211 කින් අඩුවී ඇත.


2008 වර්ෂය සමග සසදා බැලීමේදී විකිණුම් පිරිවැය 2.8% කින්ද පරිපාලන වියදම් 3.8% කින්ද බෙදාහැරීමේ වියදම් 6.9% කින්ද අඩුවී ඇත. ඒ අනුව සමස්ත ආදායමේ උණතාවයක් පැවතියද 2009 වර්ෂයේ බදු ගෙවීමෙන් පසු රුපියල් මිලියන 54.89 ක ලාභයක් උපයා ඇත.

විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇති අඩුපාඩු හැරනු කොට 2009 දෙසැම්බර් 31වන දිනෙන් අවසන්වන වසර සඳහා ඉදිරිපත් කොට ඇති ගිණුම් ප‍්‍රකාශන ගිණුම්කරන ප‍්‍රමිතීන්ට අනුකූලව සකස්කර ඇති බවත්, ඒතුලින් මෙහෙයුම් කටයුතුවල මූල්‍ය ප‍්‍රතිඵළ සත්‍ය හා සාධාරන ලෙස පෙන්නුම්කරන බවත්, විගණකාධිපතිවරයා සිය විගණන මතයෙන් ප‍්‍රකාශ කොට ඇත.


Source - lankanewsweb.com

Share this article with your friends