Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ආණ්ඩුව ඉන්ධන බර ජනතාවට පටවන අයුරු අනුර හෙළිකරයි


තෙල් මිල ඉහළ දමා ආණ්ඩුව බදු ආදායම් වැඩිකර ගන්නා ආකාරය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුරකුමාර දිසානායක මහතා පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී හෙලිකළේය.


මන්ත‍්‍රීවරයා හෙළිකළ තොරතුරු අනුව වර්ශයක් තුලදී පෙට‍්‍රල් ලීටර් මිලියන 80ක් අලෙවිකර එයින් රුපියල් මිලියන 38,400ක් උපයාගනී. එමෙන්ම ඞීසල් ලීටර් මිලියන 230ක් වර්ශයක් තුල අලෙවිකර රුපියල් මිලියන 10,350ක් උපයාගනී. ඒ මහතා වැඩිදුරටත් සදහන්කළේ නාස්තිකාර ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමට ජනතාව වන්දි ගෙවන බවයි.


පෙට‍්‍රල් ලීටරයක නව මිල රු.149ක් වනවිට රට තුලදී එම මිලට රු.59ක් එකතුකර ඇති ආකාරය මන්ත‍්‍රීවරයා පෙන්වාදුන්නේය. වරායෙන් තෙල් ගොඩබාන විට පසුගිය ජනවාරිමාසයේ පෙට‍්‍රල් ලීටරයක සාමාන්‍ය මිල රු.89.96ක් වී තිබින. එයට බදු එකතු කර ඇත්තේ මතු දැක්වෙන ආකාරයෙනි. වරායගාස්තු රු.5.44යි, බදු රු.40.18යි, ගබඩාකිරීම් ගාස්තු රු.1.94යි, තෙල් සංස්ථා පිරිවැය රු.3.70යි, සංස්ථාවේ ලාභය රු.2.60යි, විකුනුම්කරුවන්ගේ ලාභය රු.2.51කි. මේ අනුව පෙට‍්‍රල් ලීටරයක මිල රු.145.81ක් වී තිබේ. එහෙත් රටතුල පෙට‍්‍රල් ලී‍ටරයක් විකුනනු ලබන්නේ රුපියල් 149කටය.


Source - lankanewsweb.com

Share this article with your friends