Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

නාවික හමුදාපති ධූරයට ආගමික ගැටුමක්!


නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරන, ව්‍යාපාරික කලාකරු සෝමරත්න දිසානායකගේ සොහොයුරු අද්මිරාල් සෝමතිලක දිසානායක කවියා ලබන අප්‍රේල් මස විශ්‍රාම යෑමට නියමිත අතර එම පුරප්පාඩුවට පත් කරන නිලධාරියා සම්බන්ධයෙන් මේවනවිට ආගමික ගැටුමක් මතු වී ඇතිබව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතාට සේවා දිගුවක් ලබා නොදීමට තීරණය කර තිබූ ජනාධිපතිවරයා, නාවික හමුදා ජ්‍යෙෂ්ඨතා ධුරාවලියේ පස්වන ස්ථානයේ සිටි ඔහුගේ ඥාතියෙකුවන නාවික හමුදාවේ අධ්‍යක්ෂක ජෙනරාල් (මෙහෙයුම්), රියල් අද්මිරාල් ජයන්ත පෙරේරා නාවිකා හමුදාපති කිරීමට සියලූ කටයුතු සූදානම් කර තිබිණ.

එහෙත් ජයන්ත පෙරේරා මහතාට වඩා ජ්‍යෙෂ්ඨතාවයෙන් පිළිවෙලින් ඉහළින් සිටින අජිත් වීරසේකර, ජයනාත් කොළඹගේ, දමයන්ත ධර්මසිරිවර්ධන යන රියල් අද්මිරාල්වරුන් ඊට එරෙහිව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හා ආගමික නායකයන් මාර්ගයෙන් මෙන්ම ජනාධිපතිවරයාට හිතවත් මාධ්‍ය ප්‍රධානීන් හරහා පසුගිය දින කිහිපය පුරා දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
එම තත්ත්වය යටතේ වහාම ක්‍රියාත්මක වී ඇති ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, ඇයගේ ඥාතියෙකුවන ජයන්ත කොළඹගේ මහතා නාවිකා හමුදාපතිවරයා කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් කර තිබේ. ඒ පිළිබඳව වාර්තා වීමත් සමඟ කලබලයට පත් වී ඇති සිංහල බෞද්ධ හිමිවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමු වී අන්‍යාගමිකයෙකුට නාවික හමුදාපති ධුරය නොදෙන්නැයි ඉල්ලා තිබේ. ත්‍රිවිධ හමුදාපති ධුර අන්‍යාගමිකයින්ට ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බව උන්වහන්සේලා ජනාධිපතිවරයාට වදාරා තිබේ.
තම පුත් යෝශිත රාජපක්ෂ මහතා අනාගත හමුදාපති කිරීම සඳහා සැලසුම් සකස්කරමින් සිටින ජනාධිපති ආර්යාව ඊට අවශ්‍යය පසුබිම සකස්කර ගැනීම සඳහා නාවික හමුදාවේ කටයුතු වලට නිරන්තරයෙන් ඇඟිලි ගැසීම සිදුකරන බවත් ඇයට හිතවත් නාවික හමුදාපතිවරයකු පත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අප වෙත තොරතුරු ලබා දුන් නාවුක නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ශිරන්ති රාජපක්ෂ (වික්‍රමසිංහ) මහත්මියගේ පියාද ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකුව සිටි අතර නාවික හමුදාපති වීමට ඔහු සියලූ සුදුසුකම් ලබා තිබියදී එම ධුරය අහිමි වූයේ අන්‍යාගමිකයෙකු වූ නිසාය. ඔහුව නාවික හමුදාපති ධුරයට නිර්දේශ වූ අවස්ථාවේදීද සිංහල බෞද්ධ හිමිවරු පිරිසක් ඊට විරෝධය පල කරනු ලැබ ඇත.

Source - lankanewsweb.com

Share this article with your friends