Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ජනපති වෙනුවෙන් පූජාවක් සඳහා මර්වින් ඉන්දියාවට


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ දේව පූජාවක් සඳහා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පසුගියදා (23) ඉන්දියාව බලා පිටත්විය.. එම පූජාව සඳහා ගෙනයන පූජා භාණ්ඩ මර්වින් ඇමතිවරයා විසින් එදින පස්වරුවේ අරලිය ගහ මන්දිරයට රැගෙන ගොස් ජනාධිපති සහ ඔහුගේ පවුලේ අය ලවා අතගස්වා ඇත. එසේම ජනාධිපතිවරයා සහ ආර්යාව අතින් පඩුරුද ලබාගැනීමට ඇමතිවරයා කටයුතු කර ඇත.


ජනාධිපතිවරයාට මේ දිනවල බලවත් අපල උපද්‍රව පවතින බවට අවධාරනය කර ඇති ජනාධිපති ජෝතිෂ්‍ය උපදේශකයින් ඒ වෙනුවෙන් ආගමික වතාවත් හා පුදපූජා සිදුකරන ලෙස ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ. මෙම අපල උපද්‍රව දුරුකිරීම සඳහා විශේෂ දේවපූජාවක් ජනාධිපතිවරයා විසින් ඉන්දියාවේදී සිදුකළ යුතු බවට එම ජෝතිෂ්‍ය උපදේශකයින් දැනුම්දී ඇතත් ජනාධිපතිවරයාට හදිසියේම ඉන්දියාවට යා නොහැකි බැවින් ඔහු වෙනුවෙන් එම පූජාව සිදුකිරීම මර්වින් අමාත්‍යවරයාට පවරා තිබේ.


ජනාධිපතිවරයා වෙනුවෙන් කෙරෙන විශේෂ පූජාවට අමතරව ඔහු වෙනුවෙන්ද විශේෂ පූජාවක් සිදුකිරීමට මර්වින් අමාත්‍යවරයා දැනටමත් කටයුතු සූදානම් කර ඇත. ඇමතිවරයා සමග මෙම ඉන්දීය සංචාරය සඳහා ජනාධිපතිවරයාට හිතවත් ජෝතිෂ්‍යවේදීන් කිහිප දෙනෙකුද පිටත්ව යාමට නියමිත අතර ඔවුන් දින කිහිපයක් ඉන්දියාවේ ගතකරනු ඇත.

මෙම ඉන්දීය පූජාව වෙනුවෙන් මර්වින් සිල්වා අමාත්‍යවරයා දින ගණනාවක් තිස්සේ මස්මාංශයෙන් හා මත්පැන් පානයෙන් තොරව පේවී සිටින බවද අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.


Source - lankanewsweb.com

Share this article with your friends