Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

නිවාඩ්ගේ දේශනයට ඇමතිවරුන්ගෙන් කුණු බැනුම්


සන්ධානයේ නායකයින්ට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකයින්ට වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගියදා (22) පස්වරුවේ කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවේදී රටේ ආර්ථීක තත්ත්වය පිළිබඳව කරුණ දැක්වීමට මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ආරාධනා කර තිබූ අතර ඔහුගේ දේශනය අවඥාවෙන් යුතුව අසා සිටි මැති ඇමතිවරු එම රැස්වීමෙන් අනතුරුව නිවාඩ් මහතාගේ දෙමාපියන් සිහිකරමින් බැන වැදී තිබේ.


මේවනවිට රටේ විශාල ආර්ථීක වර්ධනයක් පෙන්නුම්කරන බව පැහැදිලි කර ඇති කබ්රාල් මහතා, එහි පළ ප්‍රයෝජන ළඟදීම ජනතාව අතට පත්වන බැවින් මේ මොහොතේ ඉන්ධන මිලට එරෙහිව සිදුකරන විරෝධතාවයන් ගණන් නොගත යුතු බවත්, ළඟදීම ජනතා ප්‍රශ්න නිමාවන බවත් අවධාරණය කර තිබේ.
කබ්රාල් මහතාගේ දේශනය අතරතුරදී එකිනෙකාගේ මුහුණු බලමින් ඔහුගේ කතාව හාස්‍යට ලක්කර ඇති මැති ඇමතිවරුන්, 'මේවගේ එවුන් ඒසී කාමරවන ඉදන් කොමිස් ගහන්න හදන ව්‍යාකෘති නිසා දැන් අපට ආසනවලටවත් යා ගන්න බැරි වෙලා' යැයි එකිනෙකා සමඟ කතා බස් කර තිබේ.
මෙම හමුවේදී චම්පික රණවක අමාත්‍යවරයා විසින් විදුලි බල ගාස්තු වැඩි කිරීමට හේතු වූ කරුණු පිළිබඳවත්, සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉන්ධන මිල වැඩි කිරීමට හේතු වූ තත්ත්වය පිළිබඳවත් කරුණු දක්වා ඇති අතර විමල් වීරවංස අමාත්‍යවරයා යළි 'දේශප්‍රේමී' ව්‍යාකෘතියක අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.

Sourece - lankanewsweb.com

Share this article with your friends