Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

සරත් ෆොන්සේකා මහතාට දේශපාලන සිරකරුවකුට හිමි සියලූ අයිතිවාසිකම් වහාම ලබාදිය යුතුයි


නීති විරෝධී හා අසත්‍ය චෝදනා මත දැනට බන්ධනාගාර ගත කොට සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඔහුගේ දියණිය අප්සරා ෆොන්සේකා මහත්මිය විසින් සකස් කරන ලද ශ‍්‍රී ලාංකිකයින් 25000 කගේ අත්සනින් යුතු අනර්තර්ජාල පෙත්සම නිල වශයෙන් පිළිගෙන තවදුරටත් එතුමා දේශපාලන සිරකරුවෙකු බව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් තහවුරු කර ඇත. ඒ බව 2010 වසර වෙනුවෙන් නිකුත්කළ ඇමෙරිකානු මානව හිමිකම් වාර්තාවේ ඇතුළත්ව ඇති අතර නිකුත් කිරිමට අපේක්ෂිත අලූත්ම මානව හිමිකම් වාර්තාවේද ඇතුළත් කිරීමට නියමිතය.
එහෙයින්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙකු ලෙස පිලිගන්නා ලෙසත් දේශපාලන සිරකරුවෙකුට ලබාදිය යුතු ජාත්‍යන්තරව පිලිගන්නා සියලූ අයිතිවාසිකම් වහාම එතුමාට ලබාදෙන ලෙසත් මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිවරයා ඇතුලූ ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් අපි බලකර ඉල්ලා සිටින බව විශේෂ නිවේදනයක් නිකුත් කිරමින් ජෙනරාල් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් අවධාරනය කර සිටි.

ඡුන්දය ඉල්ලීම ඇතුලූ දේශපාලන කටයුතුවල නියැලීමේ, ලිවීමේ, ප‍්‍රකාශ කිරීමේ සහ කියවීමේ, හැදෑරීමේ අයිතීන් මෙන්ම දේශපාලන ක‍්‍රියාධරයන් ඇතුලූ අමුත්තන් හමුවීමේ අයිතිවාසිකම් ප‍්‍රධාන කොට ජාත්‍යන්තරව පිලිගත් සියලූ දේශපාලන අයිතීන් වහාම එතුමාට ලබාදෙන ලෙසදට එම නිවේදනය මගින් ආණ්ඩුවට අවධාරණය කොට තිබේ.

එසේම මේ තීරණාත්මක නිමේෂයේ ජාති - ආගම්, කුල - මල, පක්ෂ බේදයෙන් තොරව පෙරට පැමිණ ආණ්ඩුවේ සකල විධ බලහත්කාරකම් හමුවේ නොබියව අන්තර්ජාල පෙත්සමට අත්සන් තැබූ සියලූම ශ‍්‍රී ලාංකීක ජනතාවටත් ඒ පිළිබදව මැදිහත්වූ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවටත් ජනාධිපති බැරක් ඔබාමා මහතාටත් ජෙනරාල් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ ස්තූති පූර්වක උත්තමාචාරය මෙයින් පුද කර ඇත.

Source - lankanewsweb.com

Share this article with your friends