Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ටෝගෝවලදී දෙමළ තරුණයින් අතරමන් කළ කරුණාගේ ලේකම්ට රැකවරන


නැගෙනහිර පළාතේ පදිංචි තරුණයින් කැනඩාවට ගෙන යන බව පවසා නීති විරෝධීව විදේශගත කොට ටෝගෝ රාජ්‍යයේ අතරමං කරනු ලැබූ නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් මහතාගේ ආරක්ෂක නිලධාරී වසන්ත නැමැත්තා සහ ඔහුගේ භාර්යාවන වන ගීතා නැමැත්තිය වහාම අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවා තිබුණද ඔවුන්ට රැකවරන දීමට ආරක්ෂක ලේකම්වරයා මැදිහත්වී තිබේ.
මඩකලපුවේ පදිංචි තරුණයින් 35 දෙනෙකු කැනඩාවට ගෙන යන බව පවසා කරුනා අම්මාන්ගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා සහ ඔහුගේ බිරිඳ එක් තරුණයෙකුගෙන් ලක්ෂ 10 බැගින් ලබාගෙන ඇති බව මේ වනවිට පැහැදිලි සාක්ෂි සහිතව තහවුරුවී ඇති බැවින් ඔහුව වහාම අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා නියෝග කර ඇතත් ඔවුන් දෙදෙනා කරුණා අම්මාන් විසින් සඟවා තබාගෙන සිටිම නිසා පොලිස් නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව කොළඹ අපරාධ වංචා විමර්ශන ඒකකයේ නිලධාරියෙකු අප වෙත පැවසීය.

මෙම මිනිස් ජාවාරමට අදාල පරීක්ෂන පවත්වන කොළඹ වංචා විමර්ෂන ඒකකය මෙම ජාවාරමේ ප‍්‍රධාන සැකකරුවන අරුණ ගිරිනාදන් හෙවත් රූබන් නැමැත්තා අත්අඩංගුවට ගෙන සිදුකරනු ලැබූ විමර්ශනවලදී මෙම ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයින් කිහිප දෙනෙකු පිළිබදව තොරතුරු හෙලිදරව් වී ඇතත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම මත ඉදිරි පරීක්ෂන කටයුතු ඇණ හිට ඇතැයිද එම නිලදාරියා වැඩිදුරටත් පැවසීය.

Source - lankanewsweb.com

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends