Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ජී.එල් රැකගැනීමට ‘ෂැන්ග‍්‍රිලා’ මෙහෙයුමක්


මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉදිරියටත් විදේශ කටයුතු අමාත්‍ය ධූරයේ රඳවා ගැනීම සඳහා ෂැන්ග‍්‍රිලා සමාගමේ ප‍්‍රධානීන් බලවත් උත්සාහයක යෙදී සිටින බව අප වෙත වාර්තා වේ. ජාත්‍යන්තර ෂැන්ග‍්‍රිලා හෝටල් සමූහ ව්‍යාපාරය ශ‍්‍රී ලංකාව ගෙන ඒමට කටයුතු කළේ ජී.එල් පීරීස් මහතාය.
ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ජී.එල්. පීරිස් මහතාව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉවත්කරනු ඇතැයි ෂැන්ග‍්‍රිලා ප‍්‍රධානීන් නොසන්සුන්තාවයට පත්වී සිටී. ඒ අනුව එම සමාගමේ ප‍්‍රධානියෙකු බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතෙකු හමුවී ජී.එල්. පීරිස් මහතා තවදුරටත් විදේශ අමාත්‍යාංශයේ තබාගැනීමට බැසිල් රාජපක්ෂ මහතාගේ සහාය ලබාදෙන්නැයි ඉල්ලා තිබේ.


ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යටතේ පැවතියද ෂැන්ග‍්‍රිලා සමාගම ශ‍්‍රී ලංකාවට ගෙන එනු ලැබුවේ ඔහුටත් රහසින් බව ප‍්‍රසිද්ධ කාරණයකි. ඒ සඳහා ජී.එල්. පීරිස් මහතාට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාද මැදිහත්විය. ඔවුන් දෙදෙනාගේ මගපෙන්වීම මත නාමල් රාජපක්ෂ මහතා සමග සමීප සබඳතාවයක් ගොඩනගාගත් ෂැන්ග‍්‍රිලා ප‍්‍රධානීන් හම්බන්තොට නගරයේද ෂැන්ග‍්‍රිලා හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට එකඟත්වය පළකරනු ලැබීය.

කෙසේ වුවද ෂැන්ග‍්‍රිලා සමාගම විසින් කොළඹ ගාලූ මුවදොර හමුදා මූලස්ථානය පිහිටි භූමියේ ඉදිකරනු ලබන සුපිරි හෝටල් සංකීර්ණයට මුල්ගල් තැබීමට පැමිණියේ ෂැන්ග‍්‍රිලා සමාගම විසින් නොසලකා හැර සිටි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය.

එම සමාගම නාමල් රාජපක්ෂ මහතාට එකඟවූ හම්බන්තොට හෝටල් සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවය හෙට හම්බන්තොටදී පැවැත්වේ. එහිදීද ජී.එල්. පීරිස් අමාත්‍යවරයා ආරක්ෂා කර දෙන ලෙස නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගෙන් ඉල්ලා සිටීමට ෂැන්ග‍්‍රිලාවරුන් බලාපොරොත්තු වන බව වාර්තා වේ.


Source - lankanewsweb.com

Share this article with your friends