
ඒ අනුව එදින ඊට අදාල පවරාගැනීම් සඳහා ගෙවිය යුතු සියලූ මුදල් ගෙවීමට ඔහු එකඟත්වය පළකර තිබේ. මෙම මිලදී ගැනීමට අවශ්‍ය සම්පූර්ණ මුදල ණයක් වශයෙන් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
නිල වශයෙන් පවරාගැනීමෙන් පසුවද ‘සන්ඬේ ලීඩර්’ හා ‘ඉරුරැස’ පුවත්පත්හි අන්තර්ගතයෙහි වෙනසක් සිදු නොකොට පවත්වාගෙන යෑමට අසංග සෙනවිරත්න මහතා ආයතනයේ සභාපති ලාල් වික‍්‍රමතුංග මහතාට එකඟත්වය පළකොට ඇත.
‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය ඉවත්කිරීමට සෙනවිරත්න මහතා තීරණය කර තිබුණද ඇය තවදුරටත් රඳවාගන්නා ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෙනවිරත්න මහතාට දැනුම්දී ඇත.
Source: lankanewsweb.com