Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

මන්ත‍්‍රීවරුන්ට නීතීඥවරුන්ට හා වෛද්‍යවරුන්ට රටේ නීතිය අදාල නොවේ


‘‘සියලූම මන්ත‍්‍රීවරුන්ට, නීතීඥවරුන්ට හා වෛද්‍යවරුන්ට මහනුවර පළාතේ රථවාහන නීති රීති අදාල නොවන බවත්, ඔවුන් යම් වරදක් කරන්නේනම් පොලිස් නිළධාරීන් අහක බලාගෙන සිටියයුතු බවත්, එසේ නොමැතිව අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිකරගෙන තමා හමුවට නොපැමිණෙන ලෙසත්’’ මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ඞී. පෙරමුණේ මහතා පසුගියදා මහනුවර රථවාහන පොලිස් නිලධාරීන්ට ප‍්‍රසිද්ධියේ පවසා ඇති බව වාර්තා වේ.

තමා ලගදීම විශ‍්‍රාම යෑමට නියමිත බැවින් කරදරයකින් තොරව රාජකාරිය කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදෙන ලෙස තවදුරටත් ඉල්ලා ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පසුගිය වසරේ සැප්තැම්බර් මස වැඩබාරගත් දින සිට මේ වනතෙක් මාස 4ක කාලයකට මහනුවර ප‍්‍රදේශයේ පොලිස් නිලධාරින් 51 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

මෙසේ සේවය අත්හිටවු පොලිස් නිලධාරීන්ගෙන් බහුතරයක් ඉහත කී මන්ත‍්‍රීවරු නීතීඥවරු හා වෛද්‍යවරු කරන ලද පැමිණි හේතුකොට ගෙන සේවය අත්හිටවූ උදවිය වේ. පසුගියදා (20) වනදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් දේශපාලනඥයෙකු සතුටු කිරීම සඳහා සේවය අත්හිටුවා ඇති අලූත්ම පොලිස් නිලධාරියා වන්නේ දවුලූගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක සේනානායක මහතායි.

ඉතා අපකීර්තිමත් ඉතිහාසයක් ඇති ජේ.පො.අ. පෙරමුණේගම මීට පෙර අම්පාර කොට්ඨාශයභාරව සිටියදී හිටපු පොලිස්පතිවරයා විසින් පැය 24ක් තුළ කාර්ය නියමයක් නොමැතිව පොලිස් අභ්‍යාස විiාලයට දඩුවම් මාරුවක් ලැබූ අයෙකි.

Source: lankanewsweb.com

Share this article with your friends