
පසුගිය කාලයේ ආයෝජන මණ්ඩලය විදේශ ආයෝජන ව්‍යාපෘති 2000කට වැඩි ප‍්‍රමාණයක් සඳහා ගිවිසුම් අත්සන් කොට ඇතත්, එයින් ක‍්‍රියාකාරී වී ඇත්තේ 20% ක් පමණ බව සඳහන් කර ඇති ජයසුන්දර මහතා අඩුම තරමින් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට මේ දක්වා ‘‘ආයතනගත සැලැස්මක් (කෝපරේට් ප්ලෑන්)’’ එකක්වත් නැතැයි චෝදනා කර තිබේ.
ආයෝජන මණ්ඩලය පවතිනුයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ නොව මුදල් අමාත්‍යාංශය යටතේ බව සිහිපත් කර ඇති ජයසුන්දර මහතා, ආයෝජන මණ්ඩලයේ නිලධාරින් වැඩකලයුත්තේ බැසිල් රාජපක්‍ෂට අවශයපරිදි නොව තමාට අවශ්‍යපරිදි බවත්, එසේ කළ නොහැකිනම් ඉල්ලා අස්වන ලෙස ආයෝජන මණ්ඩලයේ ප‍්‍රධානීන්ට දැනුම්දී ඇත.
ජයසුන්දර මහතා විසින් දිගින් දිගටම කළ බරපතල විවේචන හමුවේ, ආයෝජන මණ්ඩලයේ වැඩබලන සභාපති (විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්) එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ, ජයම්පති බණ්ඩාරනායක සහ එෂාන් ද සිල්වා යන මහත්වරු වහාම තම ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබේ.
මෙම ඉල්ලා අස්වීම පිළිබදව පී.බී ජයසුන්දර මහතා දුරකථනය මගින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර, එම ඉල්ලා අස්වීමේ ලිපි භාරනොගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇත. ආයෝජන මණ්ඩල ප‍්‍රධානීන් තිදෙනාම මෙලෙස එකවර ඉල්ලා අස්වුවහොත් එය රජයට අහිතකර ලෙස බලපා හැකි බව ජනාධිපතිවරයා මෙහිදී පැහිදිලි කර ඇත.
Source: lankanewsweb.com