Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

ජනාධිපතිගේ චිත‍්‍රපටිකාරයින් මරාගනී


‘කුසපබා’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය සඳහා අනුගමනය කළ ක‍්‍රියා පිලිවෙතට එරෙහිව චිත‍්‍රපට අධ්‍යක්ෂ සුනිල් ටී ප‍්‍රනාන්දු මහතා අධිකරනයට යාමට කටයුතු කරන බව වාර්තාවීමත් සමග රාජපක්ෂවාදී චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක මහතා ඔහුට තර්ජනය කර තිබේ. 
ජනාධිපතිවරයාගේ සමීපතම හෙංචයියෙකුවන සෝමරත්න දිසානායක මහතා, නාවික හමුදාපතිවරයාගේ වැඩිමල් සොයුරෙකි.

කුසපබා චිත‍්‍රපටය ‘චිත‍්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංසදය’ විසින් නිෂ්පාදනය කළ අතර සෝමරත්න දිසානායක මහතාගේ බිරිඳවන රේණුකා බාලසූරිය මහත්මියගේ මැදිහත්වීම මත එම චිත‍්‍රපටයට මේ වනවිට පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය හිමිවී තිබේ. එම චිත‍්‍රපටය සියලූම පාසල් ළමුන්ට පෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාටද නියෝග කර ඇත.

මෙම රාජ්‍ය අනුග‍්‍රහය යටතේ මෙම මස 26වන දා කුසපබා ප‍්‍රදර්ශනය කරවීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා සිනමා ශාලා 50ක් වෙන්කර දී තිබේ.

මීට අමතරව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අනුග‍්‍රහය මත, බූඩි කීර්තිසේන අධ්‍යක්‍ෂණය කළ ‘මාතා’ චිත‍්‍රපටය සඳහාද සිනමා ශාලා 30ක් වෙන්කර දී ඇත.

මෙම තත්ත්වය යටතේ ‘තැන්කියු බර්ටි, සෙල්වම්’ වැනි චිත‍්‍රපට පළමු ප‍්‍රදර්ශන ශාලාවටෙන් පසු දෙවන වටයට ප‍්‍රදර්ශනය කිරීම සඳහා සිනමා ශාලා ඉතිරිවී නොමැත.

තවද නිෂ්පාදිත චිත‍්‍රපට පෝලිම නොසලකාහරිමින් ජනාධිපතිවරයාගේ හා ආරක්‍ෂක ලේකම්වරයාගේ මැදිහත්වීම මත මෙසේ චිත‍්‍රපට ප‍්‍රදර්ශන පොලීම කඩාදමා රාජපක්‍ෂවාදීන්ගේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීමට ගෙනතිබෙන තීරණය රාජපක්‍ෂවරුන් වෙනුවෙන් පෙනී සිටින බහුතරයක් කළාකරුවන්ගේ විරෝධයට හේතුවී තිබේ.

එසේම ‘කුසපබා’ නිෂ්පාදනයට මූල්‍ය ධනය සැපයූ චිත‍්‍රපට නිෂ්පාදකයින්ගේ සංසදයේ ක‍්‍රියාකාරිකයින් වන උදයකාන්ත වර්ණකුලසූරිය හා සුනිල් ටී ප‍්‍රනාන්දු විසින් නිෂ්පාදනය කළ චිත‍්‍රපට පවා ප‍්‍රදර්ශනය කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුවී තිබේ.

සුනිල්ටී ප‍්‍රනාන්‍දු මහතා අධිකරණයට යාමට තීරණය කර ඇත්තේ එළෙස තමාට සිදුවූ අසාධාරණයට එරෙහිවය. එහෙත් සුනිල් ටී ප‍්‍රනාන්දු මහතාට තර්ජනය කර ඇති සෝමරත්න දිසානායක මහතා, ඔහුව චිත‍්‍රපට නිෂ්පාදකයින්ගේ සංසදයෙන් ඉවත්කරන බවටත් ‘කුසපබා’ නිෂ්පදානයට ලබාදුන් ලක්ෂ 20ක මුදලට කිසිදු ලාභාංශයක් නොදී යළි භාරදෙන බවටත් දැඩි ලෙස පවසා තිබේ.

සෝමරත්න විසින් සිදුකරනු ලැබූ එම බියගැන්වීම හමුවේ උදයකාන්ත වර්ණකුලසූරිය මහතා මුනිවත රැකීමට තීරණය කර ඇත.

සෝමරත්න සහ රේණුකා යුවල චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට කරන මෙම අනිසි බලපෑමට විරුද්ධත්වය පළකොට ඇති චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ප‍්‍රසන්න විතානගේ මහතා චිත‍්‍රපට නිෂ්පාදකයින්ගේ සංසදයේ සමලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යවා තිබේ. සොමරත්න දිසානායක මහතා එකි චිත‍්‍රපට නිෂ්පාදකයින්ගේ සංසදයේ සභාපතිවරයා වනඅතර සමලේකම්වන්නේ ඔහුගේ බිරිඳවන රේණුකා බාලසූරිය මහත්මියයි.

ප‍්‍රසන්න විතානගේ මහතා සමලේකම් ධූරයෙන් ඉවත්වීමත් සමග චිත‍්‍රපට නිෂ්පාදකයින්ගේ සංසදය සෝමරත්න හා රේණුකාගේ පෞද්ගලික බූදලයක් බවට පත්වනු ඇත.




Source: lankanewsweb.com

Share this article with your friends