Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

ආණ්ඩුවක් හෙළවූ කලූ ජනවාරි විරෝධය ලිප්ටන් වටරවුමේ දී


ලංකාවේ බිහිවූ ශක්තිමත්ම ආණ්ඩුව යැයි කියා ගන්නා රාජපක්ෂ ආණ්ඩුව බියට පත් කළ මාධ්‍ය නිදහස සඳ හා වූ කලූ ජනවාරි විරෝධය පෙර නොවී විරූ බාධා මැද සාර්ථකව 25 දින සවස පවත්වන ලදී.
සිය ජනනාවක් ජනමාධ්‍යවේදින් සහ සමාජ ක්‍රියාධරයින් සහභාගි වූ මෙම විරෝධතාවයට අධිකරන සීමා ඇතුළු බාධා පිට බාධා පැණවීමට රාජපක්ෂ රජය කටයුතු කළේ ය.
මේ සම්බන්ධයෙන් විකල්ප වෙබ් අඩවිය පළ කළ වාර්තාව අපි උපුටා පළ කරමු:
‛‛යටත් නොවී ලියලා කියලා මග මැරුනත් අපට සැපයිග ආණ්ඩුවේ මර්දන නීතී හමුවේ ‛කළු ජනවාරිය විරෝධය ලිප්ටන් වටරවුමේ දී


කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතව තිබූ ‛කඑ ජනවාරිZ විරෝධතාවය ආණ්ඩුවේ මර්දන නීති සහ අවිචාරවත් කටයුතු හේතුවෙන් අද(25) සවස 3ට ලිප්ටන් වටරවුමේදී පැවැත් විය.
කොටුව දුම්රියපොල ඉදිරිපට පැවැත්වීමට නියමිතව තිබූ ‛කඑ ජනවාරිය’ විරෝධතාවය ට පසුගිය දින කිහිපයේම විවිධ අයුරින් තර්ජන එල්ල විය. කෙසේ නමුත් ඊයේ වන විට එම විරෝධය නතර කිරීම සඳහා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට උත්සහ කල බව වාර්තා වූ අතර අද එයට අධිකරණය විසින් කොන්දේසි පනවා පැවැත්වීමට අවසර දී තිබිනි. නමුත් එම වාරණ නියෝගය කිසිසේත්ම ‛කඑ ජනවාරි’ විරෝධය හා බැදී ඇතැයි යන්න ව්‍යාකූල බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර පැවසී ය. ඔහු වැඩිදුරටත් පැවසූවේ..‛‛ආණ්ඩුව තමන්ගේ පොලීසිය යොදවලා අධිකරණය නොමග යවලා තමයි ඒ වාරණ නියෝගය අරගෙන තිඛෙන්නේ. අපි ඉතාම පැහැදිලිවම ප්‍රකාශ කලා මේ විරෝධය මෙහෙයවන්නේ ජනමාධ්‍ය සංවිධාන එකතුව කියලා. අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලා අපියි මේ විරෝධය මෙහෙයවන්නේ කියලා. නමුත් පොලීසිය අධිකරණය හමුවට ගොස් වෙනත් සංවිධානයක නමක් උපයෝගී කරගෙන තමයි මේ විරෝධය මර්ධනය කරන්න අධිකරණ නියෝගය ලබා ගත්තේ. ඒ නිසා මේ රටේ ජනතාව දැනගතයුතු වෙනවා මේ රටේ ආණ්ඩුවයි, පොලීසියයි මේ රටේ අධිකරණයත් නොමග යවලා තිඛෙන බව. ඒ නිසා අද උසාවියත් නොමග යවලා පාවිච්චි කරන රටක් බවට මේ රට පත් වෙලා තිඛෙනවා.
මෙම විරෝධය ජනමාධ්‍ය සංවිධාන සංවිධාන කරනු ලැබූවේ විශේෂයෙන් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කර වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම පිළිබදව විරෝධ්‍ය පළ කිරීම සඳහා ය. එහිදී පසුගිය වසර 03ක කාලය තුළදී ජනවාරි මාසය තුළ සිදු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ ප්‍රහාරය මෙන්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම වැනි බරපතල කරුණු සලකා අදාල විරෝධතාවය ‛කඑ ජනවාරියZ ලෙස නම් කිරීමට තීරණය කරන ලැබූ බවත් පසුගිය දා ජනමාධ්‍ය සංවිධාන ප්‍රකාශ කළේ ය.
































Source : lankanewsweb.com

Share this article with your friends