Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

ජීනිවා: රාජපක්ෂ සහායට සිරියාව කැදවයි


පසුගිය දා ස්විස්ටර්ලන්තයේ ජිනීවා හි විශ්ව විද්‍යාලයකට අනුබද්ධ ජිනීවා ඇකඩමිය විසින් එජා මහ ලේකම් බැං කි මුන්ගේ ශ‍්‍රී ලංකා උපදේශක කමිටුවේ සාමාජිකයකු වූ මහාචාර්ය ස්ටීවන් රත්නර් සහභාගි වූ ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ සාකච්ජා සභාවක් පවත්වන ලදී. හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් සම්බන්ධීකරනය කරන ලද මෙම සාකච්ජා සභාව ආරාධිතයින් පමණක් සිමා වුවක් වූ අතර බටහිර රටවල තානාපතිවරු ගණනාවක් ද ආරාධිතයින් අතර වූහ.
ජීනීවා හි ශ‍්‍රී ලංකා කාර්යාලයට මෙම රැස්වීම ඉව වැටීමෙන් පසු එය නතර කරවීමට උත්සාහ ගණනාවක් දරන ලදී. එම උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු මෙම සාකච්ජා සභාවේ ඹත්තු බැලීමට ජිනීවාහි සිරියානු තානාපති කාර්යාලය එම රැස්වීමට අනාරාධනයෙන්ම සහභාගි කරවන ලදී.
 එම සිරියානු නියෝජිතයා මහාචාර්ය රත්නර්ට විරුද්ධව ශ‍්‍රී ලංකාණ්ඩුව ආරක්ෂා කරමින් කතා කළේ ය. එපමණක් නොව එම නියෝජිතයා පැමිණ සිටිනු දැකීමෙන් පසු බටහිර තානාපතිවරු ඔත්තුකරුවකු ඉදිරියෙහි සිටින බැවින් වැඩිපුර කතා නොකිරීමට වග බලා ගත් බවත් වාර්තා වේ.

එක ජාතියේ කුරුල්ලන් එක අත්තේ වසන බැවින් දැන් ජිනීවා ශ‍්‍රී ලංකා තානාපතිනි තමාරා කුනනායගම්ට ඇත්තේ මිනීමරු සිරියානු රාජ්‍යය වැනි රටවල පිහිට පමණක් වීම පුදුමයක් නොවේ යැයි එම තානාපති ආරංචි මාර්ග පැවසීය.


Source: lankanewsweb.com

Share this article with your friends