
මාධ්‍යවේදී ප‍්‍රදීප් එක්නැලිගොඩ ඇතුරුදහන් වී ජනවාරි 24වන දාට වසර 2ක් සැපිරේ. ඔහුගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙනවායැයි කියන පරීක්ෂණවල ප‍්‍රගතියක් මේ දක්වා දක්නට නොලැබෙන අතර එම අතුරුදහන්වීමට සම්බන්ධ කිසිදු සකකරුවෙකු හෝ මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
එසේ වුවද එක්සත් ජාතීන්ගේ වදහිංසාවට එරෙහි කමිටුව හමුවේ ශ‍්‍රී ලංකා ආණ්ඩුව නියෝජනය කරමින් කැබිනට් මන්ඩලයේ නීති උපදේශක, හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා ප‍්‍රකාශ කරනු ලැබුවේ, අතුරුදහන් මාධ්‍යවේදී ප‍්‍රදීප් එක්නැලිගොඩ මහතා විදේශරටක දේශපාලන රැකවරන ලබන බවයි.
මාධ්‍යවේදියාගේ පවුලේ උදවිය මෙන්ම ජනමාධ්‍ය සංවිධාන එම කාරණය ඔප්පුකර පෙන්වන්නැයි ආණ්ඩුවට ප‍්‍රසිද්ධියේ අභියෝග කර ඇතත් ආණ්ඩුව එයට මෙතෙක් සාර්ථක පිලිතුරක් ලබාදී නැත.
Source: lankanewsweb.com