Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුර දමිළ විරෝධතාවයන් දෙකක්


ලබන පෙබරවාරි මස 27වන දින ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ආරම්භවන දා TGTE (Transnational Government of Tamil Eelam) ’පාරජාතික දෙමළ ඊලාම් ආණ්ඩුවේ’ මෙයෙවිම යටතේ යුරෝපය පුරා වෙසෙන දමිළ ජාතිකයින්ගේ සහභාගීත්වයෙන් විරෝධතාවයක් සංවිධානය කොට තිබේ.
දෙවන විරෝධතාවය මාර්තු මස 05වන දින පැවැත්වීමට නියමිත අතර එය සංවිධානය කරනු ලබන්නේ ස්විස්ටර්ලන්තයේ දෙමළ සම්බන්ධීකරන කමිටුව (Tamil Coordinating Committe) මගිනි. පසුගිය සැප්තැම්බර් මස මානව හිමිකම් කවුන්සිල් සැසිවාරය අතරතුර 5000 ක් පමණ සහභාගී වූ විරෝධතාවය සංවිධානය කරන ලද්දේ මෙම කමිටුව විසිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේ පළමුවන සතිය රාජ්‍ය නායකයින්, ඇමතිවරුන්, තානාපතිවරුන් වැනි ඉහළ පෙලේ දූතයින් සහභාගීවන (High Level Segment) සැසිවාරය පැවැත්වීමට නියමිතව තිබේ. මේ සඳහා ශ‍්‍රී ලංකාවෙන් දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුලූ නියෝජිතයින් කිහිප දෙනෙකු සහභාගීවීමට නියමිතය.


Source: lankanewsweb.com

Share this article with your friends