
මේ අතර, ඕස්ටේ‍්‍රලියානු සංචාරයේ නායකත්වය ලබාදීමේ අභියෝගයට මුහුණදී සිටින අශන්ත ද මෙල් මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර යන දෙදෙනාගෙන්ම නැවත නායකත්වයට යෝජනා කළ හොත් එය බාරගන්නේදැයි විමසා අතැයි පැවසේ.
මොවුන් දෙදෙනාම සිය ස්ථාවරය වෙනස් නොකර තමන් නැවත ශී‍්‍ර ලංකා පිලේ නායකත්වය ගැනීමට අදහසක් නොමැති බව පවසා තිබේ.
මේ අතර, තිලාන් සමරවීරට ද අශන්ත අදාල යෝජනාව කර අතැයි පැවසේ.
ඔහු ඒ සඳහා එකගවී ඇති බවත්, මීළඟ සංචාරය එක්දින සංචාරයක් බැවින් ඒ සඳහා තිලාන්ට නායකත්වය ලබා දෙන්නේ කෙසේදැයි යන්න පිළිබඳව ගැටලූවක් මතුවී ඇතැයි ද වාර්තා වේ.
මේ අතර, වසර ගනනාවක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සමාජිකයකුව සිටි දොන් අරුණසිරි කී‍්‍රඩා සමාජවල ප‍්‍රධානීන්ට ඔවුන්ගේ කණ්ඩායම්වල කී‍්‍රඩකයන් ජාතික පිලට ඇතුලත් කරන බවට පොරොන්දුදීමේ ව්‍යාපාරය නැවතවරක් ආරම්භ කර අතැයි ද වාර්තා වේ.
අදාල පොරොන්දුදීමේ ව්‍යාපාරය අතරවාරයේ ‘මාවත් බලාගන්න ඕන හොදේ’ යනුවෙන් දෙතුන් වරක් හෝ පැවසීමට දොන් අමතක නොකරන බවද කී‍්‍රඩා සංගම් ප‍්‍රධානීන්ගෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අසන්ත ද මෙල් මහතාගේ බලවත් ඉල්ලීමපිට ඔහුගේ නම අශන්ත ද මෙල් ලෙස වාර්තා කිරීමට සිදුවූ බව කරුණාවෙන් සලකන්න.
Source: lankanewsweb.com