Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

සත්‍යසීලන් පැහැරගැනීමට හේතුව කොමිසම් වාර්තාව කලින් පිටවීමද?


පසුගිය ජනවාරී මස 22 වනදා පාන්දර 5.30ට ත‍්‍රිකුණාමල අධිආරක්ෂක කලාපය තුළ කුප‍්‍රකට සුදුවෑන් රථයක් මගින් පැහැරගැනුනු පාර්ලිමේන්තුවේ සිංහල-දෙමළ භාෂා පරිවර්ථකයෙකු ලෙස කොන්ත‍්‍රාත් පදනම මත සේවය කළ 34 හැවිරිදි සත්‍යසීලන් සත්‍යරාජ් මහතා පැහැරගැනීම සඳහා හේතුවූ කරුණු මේ වනවිට හෙළිදරව් වෙමින් පවතී.
උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව නිල වශයෙන් එළිදැක්විමට කලින්, පරිවර්ථනය කිරීම සඳහා, පාර්ලිමේන්තු භාෂා පරිවර්ථන අංශයට ලබාදී තිබේ. 

එහිදී එම වාර්තාවේ ඉලෙක්ට්‍රොනික පිටපත් ජාත්‍යන්තර සංවිධාන කිහිපයකට හෙළිදරව් වූ ආකාරය පිළිබදව ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගය පිට රහස් පොලීසිය පරීක්ෂන පවත්වමින් සිටින අතර, එම පරීක්ෂණයේ හෙළිදරව් වූ කරුණු මත, සිංහල දෙමළ භාෂා පරිවර්ථක සත්‍යසීලන් සත්‍යරාජ් මහතාගේ පැහැරගැනීම සිදුව ඇති බව වාර්තා වේ.

මෙම පැහැරගැනීම ත‍්‍රිකුණාමලය අධිආරක්ෂක කළාපය තුළ පොලීසියේ අනුදැනුම මත සිදුවූවක් යැයි තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි මේ වනවිට පෙළගැසී ඇති අතර පැහැරගැනීම් පිළිබදව සත්‍යසීලන් මහතාගේ බිරිඳ උදෑසනම ත‍්‍රිකුණාමලය හාබර් පොලීසියට පැමිනිලි කළද පොලීසිය පරීක්ෂන කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත්තේ පැමිණිල්ල ලැබී පැය 11 කට ආසන්න කාලයක් ඉකුත්වූ පසුවය.

ද්‍රවිඩ බසින් විස්තර කෙරුණු පැහැරගැනීම පිලිබද පැමිණිල්ල සටහන් කර ගෙන ඇත්තේ සිංහල පොලිස් කොස්තාපල්වරයෙකු විසිනි. එම පොලිස් ස්ථානය තුළ ඒ වනවිටත් ද්‍රවිඩ පොලිස් නිලධාරීන් සේවයේ යෙදී සිටියද පැමිනිල්ල සිංහල පොලිස් නිලධාරියෙකු ලවා සටහන් කරගෙන ඇත්තේ පැමිණිල්ල ලියා ගැනීම ප‍්‍රමාද කිරීමේ උපක‍්‍රමයක් වශයෙනි.

කොන්ත‍්‍රාත් පදනම මත සේවය කළද පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථකයෙකුගේ පැහැරගැනීම සම්බන්ධයෙන් පොලීසිය මීටවඩා කාර්යක්ෂමකව කටයුතු කළ යුතුව තිබුණද ඉහළින් ලද බලපෑමක් මත ත‍්‍රිකුණාමලයේ හාබර් පොලීසිය මෙලෙස මන්දෝත්සාහීව කටයුතු කිරීමට පෙළැඹ ඇති බව පැහිදිලිවම පෙනී යන කරුණකි.


Source: lankanewsweb.com

Share this article with your friends