
ඉන්දියාවේ 63වන ජාතිකදින සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා සංවිධානය කර තිබූ මෙම සුහද හමුව සඳහා ආණ්ඩු පක්‍ෂයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය තිස්ස විතාරණ වැන්නවුන් සහභාගී වී සිට ඇති අතර විපක්‍ෂය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක, දොස්තර ජයලත් ජයවර්ධන වැන්නවුන් සහභාගී වී තිබේ.
මෙම සුහද හමුවේ කැපී පෙනෙන විශේෂත්වය වූයේ රාජපක්‍ෂවරු නියෝජනය කරමින් කිසිදු රාජපක්‍ෂවරයෙක් එම හමුවට සහභාගී නොවීමයි. ඉන්දීය මහකොමසාරිස්වරයා මෙම සුහද හමුව සඳහා සියලූම රාජපක්‍ෂවරුන්ට පෞද්ගලිකවම ආරාධනා කොට ඇති අතර යම් නොදන්නාකරුණක් නිසා සියලූම රාජපක්‍ෂවරු මෙම හමුව වර්ජනය කොට තිබේ. කලක සිට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරාධනාවන් පිලිගැනීම ප‍්‍රතික්ෂේපකරමින් සිටි.
Source: lankanewsweb.com