
ඒ අනුව කොළඹ පිටකොටුවේ වරාය ඉදිරිපිට ‘චාන්ඞ්ස්’ ඉඩම නමින් හැඳින්වෙන අක්කර 9කින් යුතු ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇත.
පසුගියදා සම්මත කරගනු ලැබූ ඌන ව්‍යවසාය පනතට අනුව පවරාගනු ලබන ඉඩම් හා දේපොලවල භාරකාරිත්වය හිමිවිය යුතුවන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතය. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා රජයේ ඉහළම තැනකින් ලද නියෝගයක් අනුව නාගරික සංවර්ධන අධිකාරිය වෙත මෙම පැවරීම සිදුකොට තිබේ.
එසේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරාදෙනු ලැබූ මෙම ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීනව බදුදීම මින් ඉදිරියට ආරක්‍ෂක ලේකම්වරයාගේ නිර්දේශ හා අනුමැතිය මත පමණක් සිදුකිරීමට නියමිතය.
Source: lankanewsweb.com