Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

මම මර්වින් වෙනුවෙන් පෙනී සිටිනවා - බැසිල්


ආණ්ඩුවට බැරැරුම් ප‍්‍රශ්න මතුවූ සෑම අවස්ථාවකදීම ආණ්ඩුව ආරක්ෂා කරගැනීම වෙනුවෙන්, නොබියව ඉදිරිපත් වූ මර්වින් සිල්වා ඇමතිවරයාට මේ වනවිට එල්ලවී තිබෙන චෝදනා හමුවේ, තමා මර්වින් ඇමතිවරයා වෙනුවෙන් පැහැදිලිව පෙනී සිටින බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කර තිබේ.
ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දා පැවති ගම්පහ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැුස්වීමේදී බැසිල් රාජපක්‍ෂ මහතා එම කාරණය අවධාරනය කර තිබේ.

‘‘මේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා. සුදුවෑන් පෙන්නලා දිගින් දිගටම මිනිස්සු භයකරන්න බැහැ.’’ යනුවෙන් ප‍්‍රකාශ කර ඇති ඇමතිවරයා, තමුසෙගේ බොරු සෝබන මාධ්‍ය සංදර්ශන නවත්වන්න  ඕනෑ.’’ යැයි කැළණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දෙසට ඇගිල්ල දිගුකර ප‍්‍රකාශ කර ඇත. 

එම අවස්ථාවේ නැගි සිටි කැළණිය ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා, ‘‘සමාවෙන්න සර්, අපි එහෙම කලේ ජනාධිපතිතුමා කිව්ව නිසා.’’ යැයි පවසා තිබේ.

එයින් කෝපයට පත් බැසිල් රාජපක්‍ෂ මහතා, ‘‘අයිසේ, තමුසෙගෙ හෘද සාක්ෂිය දන්නවා මර්වින් ඇමතිතුමා තමුසෙලාට කොච්චර උදව්පදව් කලාද කියලා. තමුසෙලා මොනතරම් කෑ ගැහුවත් මර්වින් සිල්වා ඇමතිවරයා වෙනුවෙන් මම පෙනී සිටිනවා’’ යැයි යළිත් අවධාරනය කර ඇත.

මෙම රැස්වීමට අමාත්‍ය මර්වින් සිල්වා සහ නියෝජ්‍ය අමාත්‍ය සරන ගුණවර්ධන හැර ගම්පහ දිස්ත‍්‍රික්කයේ, සන්ධානයේ මැතිඇමතිවරුන් මෙන්ම පළාත් පාලන හා පළාත් සභා මන්ත‍්‍රීවරුන්ද, රජයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී තිබේ.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ පොලිස් ප‍්‍රධානියෙකුගේ උසස්වීමක් පිළිබදව රැුස්වීම අවසානයේදී නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාට කරුණු දක්වා තිබේ.

‘‘අපි ඔය වැඬේ ආරක්ෂක ලේකම්තුමාට කියලා කරගමු’’ යැයි එම අවස්ථාවේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රිවරයෙකු ප‍්‍රකාශ කොට ඇති අතර, ‘‘නෑ මම ඒ වැඬේ ගාමිණී සෙනරත්ට (ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී) කියලා කරලාදෙන්නම්’’ යැයි බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා පවසා ඇත


Source: lankanewsweb.com

Share this article with your friends