Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

ශ‍්‍රී ලංකන් ගුවන් මගීන් අවදානමක


ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සිය ගුවන් යානා මගින් වාහන ගෙන්වීමේදී එම වාහන තුළ ඉන්ධනද රඳවා තබාගැනීමට අවසර දීම හේතුවෙන් කිසියම් මොහොතක ගුවන් මගීන් අවදානමකට ලක්වීමේ අනතුරක් ඇතැයි ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකු අප වෙත පැවසීය.
ශ‍්‍රී ලංකන් ගුවන් සේවය මගින් මෙසේ වාහන ගෙන්වීම සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසිනි.

ගුවන් මගින් වාහන ගෙන්වීමේදී අනෙකුත් ගුවන් සමාගම් අයකරන මුදලට වඩා හතරෙන් එකකටත් වඩා අඩුමුදලක් යටතේ මෙම වාහන ආනයනය කිරීම සිදුකෙරෙන අතර එම වාසය අත්වී ඇත්තේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබූ ව්‍යාපාරිකයින්ට සහ කපිල චන්ද්‍රසේන මහතාගේ ව්‍යාපාරික හිතමිතුරන්ට පමණි.

මෙලෙස ශ‍්‍රී ලංකන් ගුවන්සේවය මගින් අනෙකුත් ගුවන් සේවා වලට වඩා ඉතා අඩු මුදලක් යටතේ වාහන ගෙන්වීම ජනාධිපතිවරයාගේ නිර්දේශය මත සැකසුනු ලේඛනයක් මත සිදුකෙරෙන අතර කපිල චන්ද්‍රසේන මහතාද තමන්ගේ හිතවතුන්ගේ නම් එම ලේඛනයට ඇතුලත් කොට මාසිකව රුපියල් ලක්ෂ ගණනින් අමතර ලාභයක් ඉපැයීමේ ජාවාරමක් සිදුකරයි.

මීට අමතරව ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ කාගෝ සේවය හරහා කපිල චන්ද්‍රසේන මහතා බරපතල අක‍්‍රමිකතා රැසක් සිදුකර ඇතත්, නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාගේ රැකවරනය ඔහුට ලැබී ඇති හෙයින් එකී සියලූ චෝදනා යටපත්වී තිබේ.


Source: lankanewsweb.com

Share this article with your friends